ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ශ‍්‍රී ලංකාව අවුලූවා ජයලලිතා අගමැති වෙන්න හදනවා


ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරය ලබා ගැනීම තමිල්නාඩු මහඇමතිවරියගේ අරමුණවී ඇති බව ඩී.එම්.කේ පක්ෂයේ නායක එම්. කරුණානිධි පවසයි.

ශ්‍රී ලංකාවේ දෙමළ ජතනාවගේ ගැටලු මුල් කරගෙන කොංග්‍රස් සන්ධාන රජය බිඳ හෙළා ප්‍රධාන අමාත්‍යවරිය අග්‍රාමාත්‍ය ධූරය ලබා ගැනීමට අරමුණු කරගෙන සිටින බව ඩී.එම්.කේ නායකයා සදහන් කළේය.

ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කරුණා නිධි මේ බව පවසා ඇත.

කොංග්‍රස් රජය බිඳ හෙළිම තම
අරමුණ නොවන බව ඩී.එම්.කේ පක්ෂ නායකයා සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව ජිනීවා මානව හිමිකම් සමුළුවට ගෙන ආ යෝජනාව ගැන ඉන්දියාවේ ප්‍රතිචාරයට විරෝධය දක්වමින් ඩී.එම්.කේ පක්ෂය ඉන්දීය කොන්ග්‍රස් සන්ධානයෙන් පසුගියදා ඉවත් විය.

Posted in:

0 comments for "ශ‍්‍රී ලංකාව අවුලූවා ජයලලිතා අගමැති වෙන්න හදනවා"

Leave a reply