ආච්චිලා රැවටූ අයි.ආර්.සී. කොල්ලකාරිය කොටුවෙයි

මාතලේ ඇතුළු ප‍්‍රදේශ ගණනාවක රෝහල්වල, බස් නැවතුම්පළවල මෙන්ම බැංකු ආශ‍්‍රිතව වයස්ගත කාන්තාවන් සමග කුළුපග වී ඔවුන් සතු රත්ත‍්‍රන් බඩු කොල්ලකෑ කාන්තාවක් මාතලේ මුලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මාතලේ, මහනුවර හා විවිධ ප‍්‍රදේශවල කාන්තාවන් රවටා මෙම කොල්ලකෑම සිදුකර ඇති අතර රෝහල්වල නේවාසික කාන්තාවන් රවටා විවිධ භාණ්ඩ ලබා දෙන බව ද පවසමින් වංචා කොට ඇති බව මුලික පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත.
සැකකාරිය මාතලේ, අලවත්ත ප‍්‍රදේශයේ පදිංචි දමිළ කාන්තාවක් වන අතර සැකකාරිය සම්බන්ධ පැමිණිලි රාශියක් මාතලේ හා අවට පොලීසිවලට
ලැබී ඇති බව ද පොලිසිය පවසයි.
සැකකාරිය විසින් කොල්ල කෑ රු. ලක්ෂයක් පමණ වටිනා රන් භාණ්ඩ මාතලේ උකස් මධ්‍යස්ථානවල තිබී සොයාගත් බව ද පොලිසිය කියයි. සැකකාරිය මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිත ය.
0 comments for "ආච්චිලා රැවටූ අයි.ආර්.සී. කොල්ලකාරිය කොටුවෙයි"
Leave a reply