වැසිකිළි නළයෙන් ගොඩගත් දරුවා සුවෙන්
මලාපවහන නළයක සිරව සිටියදී බේරා ගනු ලැබුන බිලිඳු දරුවකු යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසු වෙන බව චීන නිලධාරීන් විසින් නිවේදනය කරනු ලැබිණ.
එම බිලිඳු දරුවා කසළ නළයේ සිරවී සිටි බව දැන ගැනීමෙන් අනතුරුව, ඔහු ඉන් ඉවතට ගෙන, රෝහලක දුර්වල දරුවන් උණුසුම්ව තැබීමට යොදා ගනු ලබන පෙට්ටියක තබා සිටින බවයි වාර්තා කෙරුනේ.
එම සිද්ධිය වාර්තා වන්නේ නැගෙනහිර චීනයේ 'ශේජියෑන්' ප්‍රාන්තයෙන්.
දරුවාගේ විසි දෙහැවිරිදි මව මුලදී සිය අනන්‍යතාවය සැඟවූ බවත්,පසුව ඇය දරුවාට සිදු වූ දෙය හෙළිකරන ලද බවත් චීන වාර්තාවන්හි දැක්වෙයි.
ඇය පවසන ආකාරයට දරුවා ප්‍රශූතකර තිබෙන්නේ පෝච්චි වැසිකිළියකදී.
වැසිකිළි නළය විවර කොට බිළිඳා එලියට ගැනීමට ගිණි නිවන හමුදා භටයන්ට පැයක කාලයක් ගතවිය.
තමා ගැබ්ගෙන සිටි බව රහසව තබා ගත් බව පවසන මව කියා සිටියේ, දරු ප්‍රශූතියෙන් පසු බිලිඳා වැසිකිළි පෝච්චියට වැටුන බවයි.
Posted in:
වැසිකිළි නළයෙන් ගොඩගත් දරුවා සුවෙන්

0 comments for "වැසිකිළි නළයෙන් ගොඩගත් දරුවා සුවෙන්"
Leave a reply