පැනමා හෙලිදරව්වෙන් එළියට ආ නම් ලැයිස්තුවේ සඳහන් හිටපු විදුලිය සභාපති විද්‍යා අමරපාලට සැඟවීමට තරම් ධනය ලැබුනේ කොහෙන්ද? චම්පික රණවක කොමිස් කෑ මුදල්ද?
ලෝකය පුරා මහත් ආන්දෝලනයකට ලක්ව ඇති Panama Papers හෙවත් ‘පැනමා හෙලිදරව්ව‘ නමැති ලෝකයේ විවිධ පුද්ගලයන් අයථා ලෙස උපයා ගත් ධනය සඟවන ලද තොරතුරු හෙලිදරව්වේදී ශ්‍රී ලංකාවේ නම් ලැයිස්තුවේ විද්‍යා අමරපාල ගේ නම සඳහන් වීම ගැන චම්පික රණවක ඇමැතිවරයා වෙත ඇඟිල්ල දිගුව තිබේ.
ධන කුවේරයන්ගේ ධනය සැඟවූ ‘මොසැක්-ෆොන්සේකා‘ නීතිඥ සමාගමේ තොරතුරු වලින් හෙලිවූ ‘පැනමා හෙලිදරව්වේ‘ ශ්‍රී ලාංකිකයන්ගේ ලැයිස්තුවේ ප්‍රකට ව්‍යාපාරිකයන් රාශියක් ඇති අතර රේස් බයි රේස් ව්‍යාපාරික ජගත් සුමතිපාලගේ නමට පහලින් ඇත්තේ විද්‍යා දිල්රුක් අමරපාල හෙවත් විද්‍යා අමරපාලගේ නමය. ජගත් සුමතිපාලලාට සඟවන්නට තරම් ධනයක් ලැබෙන බව ජනතාවට රහසක් නොවන නමුත් විද්‍යා අමරපාල එසේ නොවේ.
විද්‍යා අමරපාල වනාහී චම්පික රණවක ඇමැතිවරයාගේ දීර්ඝ කාලීන මිතුරෙකු වන අතර රණවක ඇමැතිවරයා විදුලිය ඇමැතිධූරයට පත් වූ පසු විදුලි බල මණ්ඩලයේ සභාපතිධූරයට පත් කර ගත්තේ විද්‍යා අමරපාල ය. ඔහු ඊට පෙර ව්‍යාපාරිකයෙකුද නොවූ අතර ඊට පෙර හෝ පසු වෙනත් කිසිදු රාජ්‍ය ආයතනයක තනතුරක් ද දරා නැත.
ඒ අනුව විද්‍යා අමරපාලට පැනමාහි ‘මොසැක්-ෆොන්සේකා‘ නීතිඥ සමාගමේ සැඟවීමට තරම් ධනයක් ලැබුනේ කෙසේද? බැලූ බැල්මට පෙනෙන සැකය නම් විදුලිබල මණ්ඩලයේ සභාපති ධූරය දරද්දී ඔහු හම්බ කර ගත් දූෂිත කොමිස් මුදල් විය යුතු බවයි. ඒ එසේ නම් එය චම්පික රණවක ඇමැතිවරයා නොදැන එවැන්නක් සිදුකළ හැකිද? විද්‍යා අමරපාලගේ නමින් සඟවන ලද්දේ චම්පික රණවක විදුලි බල ඇමැතිව සිටියදී ගසා කෑ කොමිස් මුදල් ද?
මේ ප්‍රශ්න වලට යහපාලන ආණ්ඩුව විසින් පරීක්ෂණ පවත්වා පිලිතුරු ලබා දිය යුතුය. දේශප්‍රේමී අවංක සුදු රෙදි අඳින ඇමැති චම්පික රණවක මහතාද පිලිතුරු දිය යුතුය.
ඇමැති චම්පික රණවක මහතා නිර්දෝෂී නම් තම මිතුරා විද්‍යා අමරපාලද ඇතුළු පැනමා පේපර්සිහි නම් සඳහන් සියළු ශ්‍රී ලාංකිකයන්ගේ සඟවන ලද වත්කම් ගැන සොයා බැලීමට පෙරමුණ ගත යුතුය.
පහත දැක්වෙන්නේ Panama Papers වලින් හෙලිකරන ලද ශ්‍රී ලාංකිකයන්ගේ නම් ලැයිස්තුවයි.
Ahmed Ismail Hossain
Akhter Mahmud
Aliakber Saifudeen Jeevunjee
AQUA-PACKAGING LIMITED
Arthur I Senanayake
Balendra Krishan Niraj Jayasekara
Chandrajith Saman Kalyana Jayamaha Jayamaha Hitihamilage
Chandrajith Saman Kalyana Jayamaha Jayamaha Hitihamilage
Chandru Swamidas Jagasia
CHRISTIAN FERDINAND FUHRER
Daniel Ortiz
Dimitry De Wansa Wickramaratne
Duminda Mahali Weerasekare
Ejaz Chatoor
Esufally, Bilquis Imtiaz
Esufally, Imtiaz Abidhusen Hassanally
Farida Jeevunjee
Hasan Mahmood (Raja)
Imran Aliakber Jeevunjee
Janki Jagasia
Jayawardane Welathanthirige Shilanth Boteju
Jennifer Kathleen Senanayake
Kaluachchigamage Avanthi Kumara Jayatilake
Khandaker Moinul Ahsan (Shamim)
Kishore Hassaram Surtani
LASITHA GAMINI ATTYGALLE
Mohamed Ishan Gaffoor
MURTAZAALI ABIDHUSSEN HASSANALY ESUFALLY
Nilan Abeywickrama
Niranjan Mendis
Niranjan Sunil Oswald Mendis
Omprasadham Kanapathipillai
Rohan Albert Ignatius Gomis
Sanikh Networks Limited
Sanjay Vijith Anthony Perera
Senaka Dunuwille Senanayake
Sharecorp Limited
Sharmila Wahab
SHYAMALI CHAMPIKA EDIRIWEERA
Somasundaram Mukunthan and Anne Christine Mukunthan
SURENDRA EDIRIWEERA
SURENDRA EDIRIWEERA & SHYAMALI CHAMPIKA EDIRIWEERA
Tushan & Dhammeswari
Tushan Harsha Mendis Wickramasinghe
UDU WATHUWAGE JAGATH PRIYA ANURA SUMATHIPALA
Vidya Dilruk Amarapala

0 comments for "පැනමා හෙලිදරව්වෙන් එළියට ආ නම් ලැයිස්තුවේ සඳහන් හිටපු විදුලිය සභාපති විද්‍යා අමරපාලට සැඟවීමට තරම් ධනය ලැබුනේ කොහෙන්ද? චම්පික රණවක කොමිස් කෑ මුදල්ද?"
Leave a reply