ඩෝසර් කරන ලද දාගැබේ සොරා ගත් පුරා වස්‌තු රැසක් හා එක් සැකකරුවකු අත්අඩංගුවට

තිරුක්‌කෝවිල් පොලිස් බල ප්‍රදේශයේ ඌරක්‌කායි ප්‍රදේශයේ පසුගියදා ඩෝසර් කරන ලද දාගැබේ තිබී සොරා ගත් පුරා වස්‌තු රැසක් හා එක් සැකකරුවකු තිරුක්‌කෝවිල් පොලිසිය මගින් 27 දා සවස අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් පුරා වස්‌තු අතර රන් කරඬුවක්, පළිඟුකරඬුවක්, ලෝකඩ බෝසත් රූපයක්, මුදු හතරක් හා මුදු කැබලි කිහිපයක් පැරණි මුද්‍රා ලාංජනයක් රන් පැහැති කුඩා බෝල රැසක් රන් පත්තිරු කිහිපයක් හා පබළු රැසක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු තිරුක්‌කෝවිල් තම්බිලිවිල් 02 පදිංචි සිවනන්දන් සුදර්ශන් නමැති 33 හැවිරිදි ප්‍රධාන සැකකරුගේ පුත්‍රයෙකි.
තවත් මෙලෙස ඉපැරණි පුරාවස්‌තු සඟවා ගෙන තිබේ දැයි අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතාගේ උපදෙස් මත අක්‌කරපත්තුව සහකාර පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතාගේ මෙහෙය වීමෙන් තිරුක්‌කෝවිල් පොලිස් ස්‌ථානාධිපති පොලිස් පරීක්‌ෂක උදයන තෙන්නකෝන් මහතා ඇතුළු නිලධාරීහු හා අම්පාර පුරාවිද්‍යා ආරක්‌ෂක ඒකකයේ ස්‌ථානාධිපති උපුල් ශාන්ත මහතා ඇතුළු නිලධාරීහු හා අම්පාර පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්‌ෂණ පවත්වති.
මේ අතර අම්පාර තිරුක්‌කෝවිල් ඌරක්‌කායි ප්‍රදේශයේ දාගැබ අසලට රැස්‌වූ බොදු බල සේනා සංවිධානයේ මහා සඟරුවන ප්‍රමුඛ බෞද්ධ දායකයෝඅ නැගෙනහිර උරුමය ඩෝසර් කරද්දී පුරාවිද්‍යාව නිදි... නැගෙනහිර බොදු උරුමය වහාම සුරකිව් යනුවෙන් විවිධ සටන් පාඨ ලියූ පුවරු රැගෙන ඊයේ (27 දා) විරෝධතා ව්‍යාපාරයක නිරතවූ වූහ.
0 comments for " ඩෝසර් කරන ලද දාගැබේ සොරා ගත් පුරා වස්‌තු රැසක් හා එක් සැකකරුවකු අත්අඩංගුවට"
Leave a reply