ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

සරාගී බිපාෂාගේ පෙම් හුටපට...

බිපාෂාගේ සරාගීම පෙම් දැලට හසුවුණේ කඩවසම් බොලිවුඩ් තරුවක්. ඔහු ජෝන් ඒබ්‍රහම්. දෙන්නගේ ආදර අන්දරය හරියට රෝමියෝ ජුලියට් වගේ ගලාගෙන ගියා. ඒ වගේම මේ දෙන්නාගේ ඉඟිබිඟි ගැනත් ඉන්දියාවේ විතරක් නෙවෙයි අපේ රටෙත් කතා වුණා. නියමෙටම ගැළපෙන කපල් එක. සිරාම සිරා ලව් එකක්. ජෝන් - බිපාෂා ප්‍රේමාලිංගන දැකපු සමහරු අහිතක් නැතිව දෙන්නට ආශීර්වාද කළේ එහෙම.

1978 ජනවාරි මාසේ 07 වැනිදා බංගලි ජාතික හින්දු පවුලක දෙවැනි වරටත් දියණියක් ඉපදෙනවා. දැන් ඒ පවුලට දියණියන්ම තුන්දෙනයි. මේ තුන්දෙනාගෙන් මද්දුම දෝණි පාසල් අධ්‍යාපනයට පස්සේ නිරූපණ ශිල්පයට සම්බන්ධ වෙනවා. මෝස්තර නිරූපිකාවක් විදියට කෙටි කාලයක් යද්දීම නමක් දිනාගත්ත මේ කෙල්ල, ලේසියෙන් කෙනකුට සම්බන්ධ වෙන්න බැරි බොලිවුඩ් සිනමාවටත්
සම්බන්ධ වෙනවා. එහෙම ගිහිල්ලත් නිකන් ඉන්නේ නෑ. බොලිවුඩ් සිනමාවේ සරාගීම නිළිය බවටත් පත්වෙනවා. ඇය තමයි බිපාෂා බාසු.
බිපාෂාගේ සරාගීම පෙම් දැලට හසුවුණේ ඊටත් නොදෙවෙනි කඩවසම් බොලිවුඩ් තරුවක්. ඔහු ජෝන් ඒබ්‍රහම්. දෙන්නගේ ආදර අන්දරය හරියට රෝමියෝ - ජුලියට් වගේ ගලාගෙන ගියා. ඒ වගේම මේ දෙන්නාගේ ඉඟිබිඟි ගැනත් ඉන්දියාවේ විතරක් නෙවෙයි අපේ රටෙත් කතා වුණා.
නියමෙටම ගැළපෙන කපල් එක. සිරාම සිරා ලව් එකක්. ජෝන් - බිපාෂා ප්‍රේමාලිංගන දැකපු සමහරු අහිතක් නැතිව දෙන්නට ආශීර්වාද කළේ එහෙම. බිපාෂාට ළංවෙන්න හීන දැකපු කොල්ලෙක් ජෝන්ට ළංවෙන්න බැරිවුණ කොල්ලෙක් මේ ආදර අන්දරයට හිත යටින් ඊර්ෂියා කළා. ඒ නිසාමද කොහෙද ජෝන් - බිපාෂා ප්‍රේම කතාවටත් වැඩි ආයුෂ තිබුණේ නෑ.

 කවුද හිතුවේ මෙහෙම වෙයි කියලා...? පැණිවරකා ගහටත් හෙණ වැදුණා. බිපාෂාගෙයි ජෝන්ගෙයි ආදර කතාව මැදට ඊට පස්සේ තව කීපදෙනෙක්ම ආවා. අන්තිමට බිපාෂා ළඟ නැවැතුනේ හොලිවුඩ් සිනමා නළු "ජෝෂ් හාර්ට්නට්" ජෝන් - බිපාෂා ප්‍රේම කතාවට ලැබුණා වගේම ප්‍රසිද්ධියක් බිපාෂා - ජෝෂ් ප්‍රේම කතාවටත් ලැබුණා. කාටත් හොර රහසේ මේ සම්බන්ධය පටන්ගත්තත් බිපාෂා දැන් ප්‍රසිද්ධියේම ජෝෂ් සමඟ ගැවසෙනවා. මේ සේරම දිහා බලාගෙන ඉන්න ජෝන් නම් කියන්නේ බිපාෂා තැන තැන තමන්ට විරුද්ධව අසත්‍ය කතා පතුරනවා කියලයි. ඇය ඔළුවට අත හෝදනවා වැනි කාර්යයක් කරන බව තමයි ජෝන් කියන්නේ.
මේ සම්බන්ධයත් කොයිතරම් දුරක් යාවිද කියන්න කවුරුවත්ම දන්නේ නෑ. කොහොම වුණත් බිපාෂා කියන්නේ ඉන්දියාවේ ඉන්න අති දක්‍ෂ ශිල්පිනියක්. ඇය මේ වෙද්දි හොඳම නිළිය. හොඳම සහාය නිළිය ඇතුළු සම්මාන 10ක් පමණ දිනාගෙන තිබෙනවා. ඒ වගේම ඇය සම්බන්ධ වූ චිත්‍රපට සංඛ්‍යාව 50ටත් වැඩියි. සාමාන්‍යයෙන් බිපාෂා තමන්ගේ ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් වුණත් විවෘතව කතාකරන කෙනෙක්. ඒ නිසා පෞද්ගලික ජීවිතයේ මොන මොන තීරණ ගත්තත් බිපාෂා කියන්නේ හින්දි සිනමාවට ඉන්න අති දක්‍ෂ රංගන ශිල්පිනියක්. ඒ නිසා අපිටත් රට්ටු කියන කයිකතන්දර වැදගත් නෑ.

වාසනා -

Posted in:

0 comments for "සරාගී බිපාෂාගේ පෙම් හුටපට... "

Leave a reply