පෙම්වතා සමග පන්සලට ගොස් එද්දී අලුත් පෙම්වතා පැමිණ පෙම්වතිය පැහැරගෙන ගිහින්
සිය පෙම්වතිය සමග ඇඹුල්ගම රාජමහා විහාරය වැඳ පුදා ආපසු එන ගමනේදී නව පෙම්වතා පැමිණ පෙම්වතිය රැගෙන ගිය අපූරු පුවතක් හංවැල්ල පොලිසියෙන් වාර්තා වේ.
මුකුන්දෙණිය රමුණ රක්‌වාන පදිංචිව සිට ඇති 23 හැවිරිදි මෙම කාන්තාව සිය වැඩිහිටි ඥති පාර්ශ්වයේ ආශිර්වාද සමගින් එම ප්‍රදේශයේ සිටි තරුණයකු සමග පෙමින් වෙළී ඇති අතර වසර අටක ප්‍රේම සම්බන්ධතාවෙන් පසු මාස 8 ක කාලයක සිට එකට ජීවත්ව ඇතත් නීත්‍යනුකූලව විවාහ වී නොමැත.
සිද්ධිය වූ දා සිය පෙම්වතාගේ
හංවැල්ලේ ඥාතියකුගේ ගෙදර පැමිණ ඇති මෙම යුවළ එදින සවස් යාමයේදී ඇඹුල්ගම විහාරය වැඳපුදා ගැනීමට ගොස් ඇත. එසේ ගොස් ආපසු එන ගමනේදී මෝටර් රථයකින් පැමිණි නව පෙම්වතා ඔවුන් ගමන් ගත් ත්‍රිරෝද රිය හරස් කර තරුණිය එයට නංවාගෙන පලා ගොස් ඇත.
ඒ අනුව හංවැල්ල පොලිසියට පැමිණිලි කළ පළමු පෙම්වතා යළි කිසිදු දිනයක තම පෙම්වතිය දකින්නටවත් ප්‍රාර්ථනා නොකරන බව පවසා ඇත. හංවැල්ල පොලිස් ස්‌ථානාධිපති ප්‍ර. පො. ප. උපුල් ලියනගම මහතාගේ උපදෙසින් හංවැල්ල පොලිස් නිලධාරීන් පරීක්‍ෂණ මෙහෙයවයි.

0 comments for "පෙම්වතා සමග පන්සලට ගොස් එද්දී අලුත් පෙම්වතා පැමිණ පෙම්වතිය පැහැරගෙන ගිහින්"
Leave a reply