මාලිගාවේ ඉඩම් බේරගත්තේ මං -දියවඩන නිලමේ
තමා දළදා මාලිගාවට අයත් සංගික දේපල විකුණා ඇති බවට 'බොදු බල සේනා සංවිධානය' විසින් (13) එල්ල කරන චෝදනා සියල්ල පදනම් වීරහිත යයි මහනුවර ශ‍්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා පවසයි.
‘‘ඒගොල්ලො පත්තරේ දාලා පෝස්ටර් ගහලා මේ ඉඩම් සින්නක්කර විකුණනන්න හැදුවා. මමයි පෝස්ටරයක් ගෙනිහින් බෞද්ධ කටයුතු කොමසාරිස්ට මේ ගැන කියලා ඒවා රාජකාරියට යටත් ඉඩම් බවට පත්කළේ. මේවා බොරු කථා.’’ යැයි දියවඩන නිලමේවරයා සදහන් කරයි.
මාධ්‍ය සාකච්චාවක් පවත්වමින් බොදුබල සේනා සංවිධානය පැවසුවේ, අතීත හෙළ රජදරුවන් විසින් ශාසනාලයෙන් යුතුව බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන්නට යෙදුණු බුද්ධ භෝග හා සාංඝික දේපොළ මහා සංඝරත්නයේ කිසිඳු අනුදැනුමකින් තොරව, දළදා වහන්සේගේ ගිහි භාරකරුවා වන දියවඩන නිළමේවරයා විසින් සදාචාර විරෝධීව, අත්තනෝමතිකව විකුණා දමා අයථා ලාබ ලබන බවට ප්‍රබල සැකයක් පවතින බවයි.
0 comments for "මාලිගාවේ ඉඩම් බේරගත්තේ මං -දියවඩන නිලමේ"
Leave a reply