මායි සමිතයි අදටත් හොඳ යාළුවෝ අතුලගේ බිරිය අමායා කියයි
දැන් අමායාටද අතුලට දාව දියණියක සිටිනවා.
සමිතා අතුල එක්ව අලූතින් ගීත ගායනා කරනවා සේම දැන් අමායා සමිතාගේ හොඳම මිතුරියකද වී සිටීන බව ආරංචියි.
පසුගිය සතිඅන්තයේ රිවිර පුවත්පතට අමායා අධිකාරී මේ අපූරු සම්බන්ධතාවයන් ගැන හෙළිකරමින් ප‍්‍රකාශයක් කර තිබුණා.
එම විස්තරය පහත පරිදිය.
‘මට අතුල අධිකාරි මුණ ගැහෙනකොට වයස 17යි. අතුලගේ ඊමේල් කවිකාරි කියන ගීතය වීඞ්යෝ එකේ ඩාන්සර් කෙනෙක් විදියට මම එකතු වුණා. එතැනදී තමයි මුලින්ම හªන ගත්තේ. පස්සේ අතුලගේ තවත් වීඞ්යෝ එකක මේන් ඩාන්සර් විදියට එකතු වුණා. ඒ කාලේ තමයි අපි හොඳට දැන හැඳින ගත්තේ. අපි ඩාන්සින් ප‍්‍රැක්ටි‍්‍රස් කළේ එකට. අපේ ගෙදර අයත් අතුල එක්ක කිට්ටු වුණා. අපි අවුරුද්දක් දෙකක් විතර හොඳ යාළුවෝ වගේ හිටියා.
වීඩියෝ එකේ ඩාන්සින් ප‍්‍රැක්ටි‍්‍රස් කළේ අතුලගේ ගෙදර. සමිතා අක්කත් සමහර වෙලාවට ඇවිත් අපි එක්ක ඩාන්ස් කරනවා. සමිතා අක්කත් මාත් එක්ක ගොඩක් යාළු වුණා.අතුල සමිතා අතර විරසකයක් නෙමෙයි, මොකක්දෝ වෙනසක් තියෙනවා කියලා හිතුණා. ඒත් එහෙම දෙයක් ඇඟවෙන විදියට අතුල කතා කළේ නැහැ.
අතුලමයි මට ඒ යෝජනාව ගෙනාවේ මට අකමැති වෙන්න හේතු තිබුණේ නැහැ. මම එයාලව හªන ගනිද්දීත් එයාලා අතර මොකක් හරි ප‍්‍රශ්නයක් තිබුණා. ඒ දේවල් ගැන විස්තර කරලා කියන්න මම දන්නේ නැහැ. ඒත් මම හොඳටම දන්නවා ඒ දෙන්නා වෙන් වුණේ මම නිසා නෙමෙයි කියලා. මම හිතන්නේ නැහැ අතුලට වයස පේනවා කියලා.
ඒ දවස්වල එයා කොණ්ඬේ කපලා හිටියේ එතකොට තවත් තරුණ පාටයි. මම කොහොමත් මගේ වයසට වඩා වැඩිමල් පාටයි. ඒ නිසා අපේ වයස්වල ලොකු වෙනසක් පේන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. මගේ ගෙදරින් මුලින් අකමැති වුණා. අතුල දික්කසාද වුණු කෙනෙක් නිසා. පස්සේ මම ගෙදර අය එක්ක කතා කරලා තේරුම් කළා. අතුල නරක කෙනෙක් නෙමෙයි කියලා. එයා ගොඩක් ඉවසීම තියෙන කෙනෙක්. කවුරුත් එයාට විරුද්ධ නැහැ. සමහර විට එයා වයසින් වැඩි කෙනෙක් නිසා බලපෑම් කළාට වැඩක් වෙන්නේ නැහැ කියලා හිතුණු නිසා වෙන්න ඇති.
අපි දෙන්න විවාහ වුනේ 2010 අවුරුද්දේ. අතුලට දික්කසාදය ලැබුණට පස්සේ.
දැන් අපිට ඉන්නවා පුංචි දුවෙක්. එයාට තවම මාසයයි. එයාගේ නම අයින්ධ්‍යා අධිකාරි.
එයා මගේ පණ වගේ. මගෙත් එක්ක ගොඩක් සමීපයි. අපි යාළුවෝ වගේ මගෙත් එක්ක එයා ගොඩක් දේවල් කතා කරනවා. අතුල ඇත්තටම නිවිච්ච චරිතයක්. එයා එක්ක ජීවත්වෙන්න හරි ලේසියි. කවදාවත් නීති දාන්නේ නැහැ. එයාට ඕන දේ තේරුම් අරගෙන ජීවත් වෙද්දී හරි සැහැල්ලූවෙන් ජීවත් වෙන්න පුළුවන්.
සමිතායි මායි තරහ නෑ.අදටත් අපි හොඳ යාළුවෝ එයා ගොඩක් හොඳ යාළුවෙක්.’
පුවත්පත් සටහන නෙලූෂා සිල්වා







0 comments for "මායි සමිතයි අදටත් හොඳ යාළුවෝ අතුලගේ බිරිය අමායා කියයි"
Leave a reply