ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

සත්තු ටික සොයිසට දීලා, කැලේ සුසිල්ට බාර දුන්න. මේක ඉලාස්ටික් ජම්බෝ කැබිනට් එකක්.


ජනාධිපතිවරයා විසින් පවුලට බැලමෙහෙවරකම් කරන්නන්ට පදවි දෙන්න්නට කැබිනට් සංශෝධනයක් සිදුකළ බව ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

අමාත්‍යංශවලට අදාළ විෂය ක්ෂේත්‍රයන් නිරීක්ෂණය කිරීමේදීද ඒ බව මනාව පැහැදිලි වන බව මන්ත්‍රීවරයා කියා සිටියේ පැලවත්ත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

සාමාන්‍යයෙන් රටක ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගනිමින් තමයි අමාත්‍ය මණ්ඩලය පත්කරනු ලබන්නේ. ඒ වගේම අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීමේදී විද්‍යාත්මක ක‍්‍රමයක් අනුගමනය කළ යුතු වෙනවා. රටක සමාජ සංවර්ධනය, භෞතික සංවර්ධනය ඉලක්ක කරගනිමින් තමයි එම විද්‍යාත්මක ක‍්‍රමවේදය සකස් කළ යුත්තේ. නමුත් අපේ රටේ කැබිනට් මණ්ඩලය පත්කිරීමේ එවැනි කිසිදු විද්‍යාත්මක පදනමක් අනුගමනය කරන්නේ නැහැ. රාජපක්ෂ පවුලට බැලමෙහෙවරකම් කරන අයට
ඇමතිකම් ලබාදීම තමයි මේ ආණ්ඩුවේ එකම පදනම වෙන්නේ.

එයින් රටේ ජනතාවට අහිතකර බලපෑම් එල්ල වෙලා තිබෙනවා. ආණ්ඩුවේ අය දැනටමත් විවිධ කරුණු ඉදිරිපත් කරමින් ඉන්නවා මේ ඇමති මණ්ඩලයේ පත්කිරීම් ගැන. කෙසේ වුවත් මේ අමාත්‍ය මණ්ඩලය පත්කිරීම පවුල් පාලනයට ආවඩන කේවට්ටකම් කරන, කඩේ යන, අයට ඇමතිකම් දීමට සිදුකරපු පත්කිරීමක්. පසුගියවර පත්කළ ඇමති මණ්ඩලයත් එහෙම එකක්. වන සංරක්‍ෂණය එක ඇමතිවරයෙකුටත්, වන ජීවින් තව ඇමතිවරයෙකුටත් බාර දුන්නා. මෙවරත් සත්තු ටික සොයිසට දීලා, කැලේ සුසිල්ට බාර දුන්න. කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරවයි මෙම පත්කිරීම් සිදු කළේ.

එවැනි ඇමති මණ්ඩලයකින් කොහොමද රටක් සංවර්ධනය කරන්නේ. රට වලපල්ලට යනඑක නවත්වන්න මේ ඇමති මණ්ඩලයට පුළුවන්ද? බලශක්ති අමාතත්‍යාංශයත් ඇමතිවරු ගණනාවකට වෙන්කර තිබෙනවා. දෝෂාභියෝග යෝජනාව බාර දුන්නු පවිත‍්‍රාට විදුලි බල අමාත්‍යංශය බාර දීලා එයාගේ බලය වැඩි කළා. දෝෂාභියෝගය විභාගයට ලක්කළ තේරීම් කාරක සභාවේ සභාපති වූ අනුර පි‍්‍රයදර්ශන යාපාට ඛනිජ තෙල් අමාත්‍යංශය දීල එයාගේ බලය වැඩි කළා. ඒ වෙලාවේ උදව් කරපු අය බලගන්වන්න තමයි මේ ඇමති පදවි ටික දීල තියෙන්නේ. නැතුව අපේ රටේ බල ශක්තිය වැඩි දියුණු කරන්න හෝ විද්‍යාත්මක පදනමින් ව්‍යාපෘති හදන්න මේ ආණ්ඩුවට වුවමනාවක් නැහැ.

හිටපු විදුලිබල ඇමතිවරයා පුන පුනා කිව්වා විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත්කරනවා කියලා. රට අඳුරේ තබන්නේ නැහැ කිව්වා. අන්තිමට වුණේ විදුලි බිල වැඩිවුණා. විදුලි බලය නැතිවුණා. අලූතෙන් ආරම්භ කළ ව්‍යාපෘති සියල්ල අසාර්ථක වුණා. අන්තිමට ඔහුගේ ප‍්‍රකාශ කයිවාරුවක් පමණක් බවට පත්වුණා. අන්තිමට ඔහු තාක්‍ෂණ හා පර්යේෂණ කටයුතු ඇමති බවට පත්වුණා. දැන් තවත් අලූත් ඇමතිකෙනෙක් රටට ඉන්නවා. සීනි කර්මාන්ත ඇමති. ඉදිරියට පරිප්පු, පොල්, හාල් ඇමතිලත් බිහිවෙන්න පුළුවන්.

මේ කැබිනට් එක ජම්බෝ කැබිනට් එකක් විතරක් නෙවෙයි. ඉලාස්ටික් ජම්බෝ කැබිනට් එකක්. හිතු හිතු වෙලාවට අලූත් ඇමතිවරු පත්කරනවා. අලූත් විකාර විගඩම් පෙන්වමින් ඉන්නවා. ජනතාව බඩු මිල වැඩිවෙලා අසීරුතාවයට පත් වෙලා ඉන්න මොහොතේ ජනතාවට විනෝදය සපයන්න පොදු විනෝද කටයුතු ඇමති පදවියකුත් පත්කරලා. ජනතාවට කෙසේ වෙතත් ජයරත්න හේරත්ට ඒ ඇමතිකමින් විනෝද වෙන්න පුළුවන්. පිරිහෙන, ගරා වැටෙන පවුල් පාලනය ආරක්‍ෂා කරගන්න කඩේ යන පුද්ගලයින්ට ඇමති පදවි ලබාදෙනවා හැර වෙන කිසිදු වුවමනාවක් මෙම පත්කිරීම් ඇතුළේ නැහැ.

Posted in: , ,

0 comments for " සත්තු ටික සොයිසට දීලා, කැලේ සුසිල්ට බාර දුන්න. මේක ඉලාස්ටික් ජම්බෝ කැබිනට් එකක්."

Leave a reply