ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

දේශපාලන බලපෑම්වලින් තොරව නම් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණයට ඉදිරිපත් වෙනවා

දේශපාලන බලපෑම්වලින් තොරව කටයුතු කිරීමේ අවස්ථාව තමන්ට දෙන්නේ නම්, කඩාවැටී ඇති ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව බේරාගැනීමට, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණයට තමන් අනිවාර්යෙන්ම ඉදිරිපත් වන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ හිටපු නායක මෙන්ම කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි අර්ජුන රණතුංග මහතා පවසයි.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණයට ඉදිරිපත්විමේ සූදානමක් ඇතැයි අර්ජුන රණතුංග මහතා පවසයි.
”ක‍්‍රිකට් ආයතනයට අනවශ්‍ය දේශපාලන බලපෑම් වැඩියි, ඒවා තිබියදී ඔතන
වැඩ කරන්න බෑ. එම බලපෑම් නොමැති නම් මම අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනුවෙන් ඉදිරිපත් වෙනවා”
”ක‍්‍රීඩා සමාජ කීපයක් පසුගිය සතියේ මාව මුණගැසී නිලවරණයට ඉදිරිපත් වන ලෙස ඉල්ලීමක් කළා. මේ සතියේ තවත් ක‍්‍රීඩා සමාජය කීපයක් හමුවීමට නියමිතව තිබෙනවා” යැයි 1996 ලෝක ශූර ශ්‍රී ලංකා පිලේ නායක අර්ජුන රණතුංග මහතා වැඩි දුරටත් පැවසීය.
අර්ජුණ රණගුංග මහතා මීට පෙර වසරක පමණ කාලයක් ක‍්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

Posted in: ,

0 comments for "දේශපාලන බලපෑම්වලින් තොරව නම් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණයට ඉදිරිපත් වෙනවා "

Leave a reply