ගුටි කෑ පාර්ලිමේන්තු මන්තී‍්‍රට සැත්කමක්
පසුගියදා පහරදීමට ලක්ව මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළු කළ බදුල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර තේනුක විදානගමගේ මහතාගේ දකුණු අතේ වැලමිටේ අස්ථී බිඳී ඇති නිසා ශල්‍යකර්මයක් සිදුකර ඇණ සවි කිරීමෙන් යථා තත්ත්වයට පත්කළ යුතුව ඇති බව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.ජී.කේ. දිසානායක මහතා පවසයි.
සිකුරාදා රාතී‍්‍ර 12.30ට පමණ මන්තී‍්‍රවරයා තුවාල ලැබීම නිසා රෝහලට ඇතුළු කර ඇත්තේ මහනුවර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලූම් අමුණුගම මහතා විසින් බව රෝහල් ප‍්‍රකාශකයෙක් පැවසීය.
තේනුක විදානගමගේ මන්තී‍්‍රවරයා රෝහලට ඇතුළු කරන අවස්ථාවේ තමාට දන්නා අයකු පහර දුන් බවට කළ ප‍්‍රකාශය රෝහල ඇඳ ඉහපතේ සඳහන් කර තිබෙන බවද මහනුවර මහ
රෝහලේ වෛද්‍ය ප‍්‍රකාශකයා කීය.
සී ටී ස්කෑන් පරීක්ෂණයකට ලක් කර ඇති විදානගමගේ මහතා මහනුවර මහ රෝහලේ විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ ගාමිණී එදිරිසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිත බව රෝහල් අධ්‍යක්‍ෂ වෛදය දිසානායක මහතා පැවැසීය.
මේ සම්බන්ධයෙන් පෙර ලිපිය -
Posted in:
sri e news,
ගුටි කෑ පාර්ලිමේන්තු මන්තී‍්‍රට සැත්කමක්

0 comments for "ගුටි කෑ පාර්ලිමේන්තු මන්තී‍්‍රට සැත්කමක්"
Leave a reply