පාළු වැසිකිලියක් තුළදී අවුරුදු 14 ක පාසල් දැරියක් ලිංගික අපයෝජනයට
පාළු වැසිකිලියක් තුළදී අවුරුදු 14 ක පාසල් දැරියක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කළේ යැයි කියන අවුරුදු 17 ක පිරිමි දරුවෙකු රුපියල් 5000/- ක මුදල් ඇප හා ලක්ෂ 2 ක ශරීර ඇප මත මුදා හැරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.එච්.එන්.සී. අමරසිංහ මහතා නියෝග කළේය.
මීගමුව සහකාර පොලිස් අධිකාරි ආනන්ද අල්විස් මහතාට ලැබුණු තොරතුරක් මත මීගමුව ප්‍රධාන පාලම යට අතහැර දමා භාවිතයට නොගන්නා වැසිකිළියක ඇතුළත පිරිමි දරුවා විසින් බාල වයස්කාර දැරිය ලිංගික අපයෝජනයට ලක් කරමින් සිටියදී මීගමුව පොලිසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම පිරිමි දරුවා උපත් පාලන කොපු භාවිතා කරමින් දැරිය සමඟ අපයෝජන කටයුතුවල යෙදී ඇත.
මීට පෙරද මෙම දෙදෙනා එක්ව ලිංගික සංසර්ගයේ මේ ස්ථානයේ දී කීප වතාවක් යෙදී ඇති බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත.
නඩු භාණ්ඩ වශයෙන් මීගමුව පොලිසිය විසින් බෙට්සීට් එකක්, උපත් පාලන කොපු, පාට ඇඳුම් සමග සපත්තු කුට්ටමක්ද අත්අඩංගුවට ගෙන තිබුණි.
මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ
උපදෙස් මත සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු වාර්තා කළේය.

0 comments for "පාළු වැසිකිලියක් තුළදී අවුරුදු 14 ක පාසල් දැරියක් ලිංගික අපයෝජනයට"
Leave a reply