ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

හොර සල්ලි මුද්‍රණය කළැයි සරසවි සිසුවෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට


රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළැයි සැකපිට කොළඹ ප්‍රදේශයේ සරසවි සිසුවෙක් හා ඔහුගේ සහෝදරයකු වන නාවික හමුදා භටයෙක් ඇතුළු 5 දෙනෙකු වේයන්ගොඩ බැබන්වත්ත ප්‍රදේශයේදී 04දා අත්අඩංගුවට ගෙන තිබේ.
එසේ මුද්‍රණය කළ නෝට්ටුවක් වේයන්ගොඩ ප්‍රදේශයේ හෝටලයකින් අද මාරු කිරීමට ගිය අවස්ථාවේදී එම හෝටලේ සේවකයින් අදාළ නෝට්ටුව ගැන සැකසිතා
පොලීසියට දැනුම්දීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වු බවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු කළ ප්‍රශ්න කිරීම්වලදී ව්‍යාජ මුදල් මුද්‍රණයට යොදා ගත් මුද්‍රණ යන්ත්‍රයක් හා පරිගණකයක් ද වේයන්ගොඩ පොලීසිය විසින් භාරයට ගෙන ඇතැයි  වේයන්ගොඩ පොලීසිය පවසයි.
මොවුන් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ ජාවාරම කලක සිට කරගෙන ගොස් ඇති බවත් එසේ මුද්‍රණය කළ නෝට්ටු මෙලෙස වෙළඳසැල්වලින් මාරුකර ඇතැයි ද පොලීසිය පවසයි.

Posted in: ,

0 comments for "හොර සල්ලි මුද්‍රණය කළැයි සරසවි සිසුවෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට"

Leave a reply