ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ඩොල්ෆින් මරා දැමීමට සම්බන්ධ දහතුන් දෙනෙක් අත්අඩංගුවට


කල්පිටිය කන්දකුලිය මුහුදු සීමාවේ ඩොල්ෆින් මත්ස්‍යයන් මරා දැමීමට සම්බන්ධ දහතුන් දෙනකු සහ බෝට්ටු හයක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය ප්‍රකාශ කරයි.
ධීවරයන් පවසන ආකාරයට ඩොල්ෆින් මසුන් හතළිහකට වැඩි සංඛ්‍යාවක් මරා දමා
ඇති අතර තමන්ට හැටකට වැඩි ඩොල්ෆින් මසුන් බේරා යැවීමට හැකිවූ බවත් ඔවුහු පවසති.මේ ප්‍රදේශයේ යොදා ගැනීම තහනම් කොට ඇති නීති විරෝධී දැල් භාවිත කොට ඇති බව පැවසූ නාරා ආයතනය එම දැල්වල ඩොල්ෆින් මසුන් හිරවී ඇති බවයි ප්‍රකාශ කළේ.
'ලයිලා' සහ 'සුරුක්කු' යන දැල් භාවිතය තහනම් කොට
තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස තමන් පොලීසියට, නාවික හමුදාවට සහ තම අමාත්‍යංශයට දැනුම් දුන් බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න පවසයි.
කල්පිටියේ ඩොල්ෆින් මසුන් මිය ගොස් තිබූ ප්‍රදේශය ඩොල්ෆින් මත්ස්‍යයන් බහුල එමෙන් සංචාරකයන් අතර ජනප්‍රිය ප්‍රදේශයක්.ගණන් බලා ඇති පරිදි හත් දහසත් අට දහසත් අතර ඩොල්ෆින් මත්සයෝ එම ප්‍රදේශයේ ගැවසෙති.
නීති විරෝධී ක්‍රියාකාරකම් හේතුවෙන් කලින් කිලෝමීටර් තුනක් පමණ ඈතින් දැක ගැනීමට හැකි වූ ඩොල්ෆින් මත්ස්‍යයන් දැක ගැනීමට දැන් කිලෝ මීටර පහළොවක් පමණ ඈතට යාමට සිදුව ඇති බව සංචාරක කර්මාන්තයට සම්බන්ධ වූවෝ පවසති.
ඩොල්ෆින් මත්ස්‍යයන් සිටින මුහුදු ප්‍රදේශ රටට දායාදයක් බව පවසන සංචාරකයෝ ඒවා රැක ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කර සිටිති.

Posted in: ,

0 comments for "ඩොල්ෆින් මරා දැමීමට සම්බන්ධ දහතුන් දෙනෙක් අත්අඩංගුවට"

Leave a reply