ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

චෙන්නායි ලංකා බැංකු ශාඛාවට මැර ප්‍රහාරයක්- ජනාධිපති ඉන්දීය සංචාරයට එරෙහිව උද්ඝෝෂණ



මදුරාසියේ එග්මෝර් (Eග්මොරේ හි පිහිටි ලංකා බැකු ශාඛාවට කඩා වැදුනු කණ්ඩායම තවමත් හඳුනාගෙන නොමැති බව පොලීසිය පවසයි.
07 දා සවස 1.30 ට පමණ බැංකුවට කඩා වැදුණු මේ පිරිස මුහුණු ආවරණ පැළදගෙන සිටි අතර මුලින්ම මුර සේවයේ සිටි පොලිස් භටයන්ට පහර දී තිබේ.
පසුව ඉහල මාලයට ගිය ඔවුන් එහි තිබුණු ගෘහ භාණ්ඩ සහ වීදුරු කඩා බිඳ දමා ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව පොලීසිය පැවසුවේය.


07 දා පස්වරුවේ එල්ල වූ මෙම මැර ප්‍රහාරයෙන් එහි සේවකයින් දෙදෙනෙකුට තුවාල සිදුව ඇතැයි වාර්තා වෙ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයට විරෝධය පළ කරමින් ඉන්දියාවේ බොහෝ පෙදෙස්වල විරෝධතා පැවැත්වෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස
මෙම මැර ප්‍රහාරය සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
15 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් විසින් මෙම මැර ප්‍රහාරය සිදුකර ඇතැයි වාර්තා වේ.
තමිල්නාඩුවේ වෙසෙන ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා පවසයි.
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හරහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් මෙම ඉල්ලීම කර ඇතැයි සඳහන්ය.
පුද්ගලයින් 22 දෙදෙනෙකු එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයට එරෙහිව උද්ඝෝෂණය කළ පුද්ගලයින් 22 දෙදෙනෙකු එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ පුඩුච්චෙරි දුම්රිය ස්ථානය අසළ උද්ඝෝෂණකරුවන් මෙම උද්ඝෝෂණය පවත්වා ඇති බව සඳහන්ය. දුම්රිය මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයේ නිරතවීම හේතුවෙන් එහි දුම්රිය ගමනාගමනයට ද බාධා පැමිණ තිබූ බව වාර්තා විණි.
ඉන්දීය මධ්‍යම රජයට එරෙහිව සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ යෙදුණු මොවුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ තිරිපතිහි සංචාරය කිරීමට එරෙහිව ද උද්ඝෝෂණයේ නිරත වී තිබේ.
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සඳහා දේශපාලන විසඳුමක් ලබා දෙන්නැයි උද්ඝෝෂණකරුවන් එහිදී ප්‍රකාශ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මීට පෙර තිරුපති ප්‍රදේශයේ විරෝධතාවක නියැළුණු තවත් 34 දෙනෙකු ද එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.


Posted in: ,

0 comments for "චෙන්නායි ලංකා බැංකු ශාඛාවට මැර ප්‍රහාරයක්- ජනාධිපති ඉන්දීය සංචාරයට එරෙහිව උද්ඝෝෂණ"

Leave a reply