ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

රුපියල් 800 ක්‌ ලබා ගැනීමට පොල්ගෙඩි හොරකම් කළ සිසුවිය ගේ සිදුවිම පරීක්‍ෂණ පවත්වා තමන් වෙත වාර්තාවක්‌ ලබාදෙන ලෙස ජනාධිපති පවසයි


පාසලේ තීන්ත ගෑම සඳහා අවශ්‍ය රුපියල් 800 ක්‌ ලබා ගැනීමට පොල්ගෙඩි හොරකම් කළ බව කියන හොරණ අරමනාගොල්ල ප්‍රදේශයේ ශිෂ්‍යාවකට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණ පවත්වා තමන් වෙත වාර්තාවක්‌ ලබාදෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අධ්‍යාපන හා අධිකරණ ඇමැතිවරුන්ට නියෝග කර ඇත.එම සිද්ධිය සම්බන්ධයෙන් 7 දාපැවැති ඇමැති මණ්‌ඩල රැස්‌වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.
මෙවැනි සිද්ධීන් දෙස වගකිවයුත්තන් සානුකම්පිතව නොබැලීම ගැන තමන් දැඩි ලෙස කනගාටුවට පත්වන බවත්
මේවා පහළ මට්‌ටමින් නිරාකරණය නොකර අධිකරණය තෙක්‌ ගෙනයැම සුදුසු නොවන බවත් ජනාධිපති ප්‍රකාශ කර ඇත.
මෙවැනි කුඩා සිද්ධීන් අධිකරණයට ගෙන යැමට පෙර සමථ මණ්‌ඩල මගින් නිරාකරණය කළ යුතුව තිබූ බවද, මේ පිළිබඳව අධිකරණ අමාත්‍යාංශය නිකුත්කර ඇති චක්‍රලේඛද නොසලකා හැර ඇති ද යන්න සොයා බලන ලෙසද ජනාධිපතිවරයා අධිකරණ ඇමැතිවරයාට එහිදී දැනුම් දී ඇත.
එමෙන්ම පාසල් දරුවන්ගෙන් මුදල් එකතු කිරීම නීති විරෝධී ක්‍රියාවක්‌ බැවින් මෙම සිද්ධිය පිළිබඳවත් සමස්‌තයක්‌ ලෙස සියලුම පාසල්වල මෙවැනි මුදල් එකතු කිරීම් සිදුවන්නේ දැයි සොයා බලා කරුණු දක්‌වන ලෙසත් ජනාධිපතිවරයා අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාට උපදෙස්‌ දුන් බව රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා ඊයේ කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

http://www.srienews.com/2013/02/800-13.html#more

Posted in:

0 comments for " රුපියල් 800 ක්‌ ලබා ගැනීමට පොල්ගෙඩි හොරකම් කළ සිසුවිය ගේ සිදුවිම පරීක්‍ෂණ පවත්වා තමන් වෙත වාර්තාවක්‌ ලබාදෙන ලෙස ජනාධිපති පවසයි"

Leave a reply