ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

වෙඩිපහරට ගොදුරු වූ ශිෂ්‍යාව මලාලාගේ හිසට කළ සැත්කම් සාර්ථකයි


මලාලා දැරිය ඇයට ප‍්‍රතිකාර කළ වෛද්‍ය මංජි සමඟ

බි‍්‍රතාන්‍යයේ මධ්‍යම ලන්ඩනයේ බර්මින්හැම්හි ක්වීන් එලිසබත් රෝහලේ දී 15 හැවිරිදි පාකිස්තාන දැරිය මලාලා පසුගියදා යළිත් වරක් සැත්කමකට භාජනය කෙරුණු අතර එය සාර්ථක වූ බව ඇගේ වෛද්‍යවරු පවසති.
පාකිස්තානයේ බාලිකාවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් හඬ නැගීමේ වරදට තලේබාන් සටන්කාමියකු මලාලාගේ හිසට වෙඩි
තැබුවේ ඉකුත් වසරේ දෙසැම්බරයේදීය.
වෙඩි පහරින් හිස් කබලට හානි සිදුවූ අතර මලාලාගේ එක් කණක් නෑසී ගියේය.
වෛද්‍යවරු ඇගේ හිස් කබලට ටයිටේනියම් තහඩුවක් බද්ද කළ අතර ඇයට ඇසීම යළි ලබා දීමට ද සැත්කමක් සිදු කළහ.
මලාලා පාකිස්තානයෙන් බි‍්‍රතාන්‍යයට ගෙන්වා ගෙන ඇයට ප‍්‍රතිකාර ලබා දීම සිදුවන්නේ බි‍්‍රතාන්‍ය රජයේ පූර්ණ අනුගහයෙනි.

පෙර ලිපිය
වෙඩිපහරට ගොදුරු වූ ශිෂ්‍යාවට තවත් ශල්‍යකර්මයක්

Posted in: ,

0 comments for "වෙඩිපහරට ගොදුරු වූ ශිෂ්‍යාව මලාලාගේ හිසට කළ සැත්කම් සාර්ථකයි"

Leave a reply