ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ළමා අපචාර වලක්වාලීමට ඉන්දීය රජය අසමත්


විශේෂයෙන් පාසල්වලත්, රජයෙන් පාලනය වන ළමා සුරැකුම් ආයතනවලත් දරුවන්ට එරෙහිව බහුල වශයෙන් සිදු කැරෙන අපචාර වලක්වාලීමට ඉන්දීය රජය අසමත් වී ඇතැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.
සෑම වසරක් පාසාම ළමා ලිංගික දූෂණ හත් දහසකට වඩා වාර්තා වන බවයි එම සංවිධානය පවසන්නේ.

කෙසේ වෙතත්, විශේෂඥ මතය නම් සංඛ්‍යාව ඊටත් ඉහළ බවයි.
ලිංගික පීඩාවට
පත් දරුවන් පොලිසියේ නොමනා සැලකිල්ලටත්, අපහාසයටත් බොහෝ විට ලක් වන බවයි වාර්තා වන්නේ.
හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ මීනක්‍ෂි ගංගුලි ඉන්දීය රජයෙන් ඉල්ලා සිටියේ පවත්නා නීති ක්‍රියාවේ යොදවන ලෙස හා තත්වය පාලනය කිරීම සඳහා නීති පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන ලෙසයි.
ළමා ලිංගික දූෂණ ඉන්දියාවට පමණක් සීමා වූ අපරාධයක් නොවන බවයි මීනක්‍ෂි ගංගුලි වැඩි දුරටත් කියා සිටියේ.

Posted in: ,

0 comments for "ළමා අපචාර වලක්වාලීමට ඉන්දීය රජය අසමත්"

Leave a reply