ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

තරුණියකට ලිංගික අතවරයක්‌ කළ අරණායක ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට

අවිවාහක තරුණියකට ලිංගික අතවරයක්‌ කරන ලදැයි කියන අරණායක ප්‍රාදේශීය සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රීවරයකු 07 දා කෑගල්ල පොලිසියට විත් භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.
කරාබු සොරකමක්‌ පිළිබඳව සොයා බැලීමට යෑයි කියමින් පැමිණ ඇති මෙම මන්ත්‍රීවරයා තනිවම නිවසේ සිටි 18 හැවිරිදි තරුණියකට මෙසේ ලිංගික අතවරයක්‌ කළැයි එම තරුණිය විසින් කෑගල්ල පොලිසියේ කාන්තා කාර්යංශය වෙත ඉකුත් 16 වැනිදා පැමිණිලි කර තිබිණි.
මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කෑගල්ල පොලිස්‌ කොට්‌ඨාසයේ දම්පැල්ගොඩ බොස්‌සැල්ල ප්‍රදේශයේදී මෙම අතවරය
කළ බවටත් පැමිණිල්ලේ සඳහන්ය.
පොලිසිය මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට ඔහු පදිංචි දෙබත්ගම පල්ලේගමට ගිය අවස්‌ථාවේදී පොලිස්‌ නිලධාරීන් නිවසට පැමිණෙනු දැක නිවසේ ආරක්‍ෂිත බැම්මෙන් පැන පලාගොස්‌ තිබිණි. එසේ පැන ගොස්‌ තිබුණේ පෙබරවාරි මස දෙවැනි දාය. පොලිසිය මගහරිමින් සිටි මෙම මන්ත්‍රීවරයා 7 වැනිදා (ඊයේ) කෑගල්ල පොලිසියට විත් භාරවී ඇත.
මෙම මන්ත්‍රීවරයා අරණායක දෙබත්ගම පදිංචි අතර දෙදරු පියකු වන බවද පොලිසිය පැවසීය.


Posted in: ,

0 comments for " තරුණියකට ලිංගික අතවරයක්‌ කළ අරණායක ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට"

Leave a reply