ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

කැට කුරුල්ලන්ට, ගේකුරුල්ලන්ට, බකමූණන්ට නිදහස ලබා දුන්නත්, ලියන කියන මාධ්‍යවේදීන්ට නිදහස නැ


රාජපක්‍ෂ කුරුලු පාරාදීසයක් වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කැට කුරුල්ලන්ට, ගේකුරුල්ලන්ට, බකමූණන්ට නිදහස ලබා දුන්නත්, ලියන කියන මාධ්‍යවේදීන්ට නිදහස නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මාණ්ඩලික පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.
 දිසානායක මහතා එසේ ප්‍රකාශ කළේ අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වලට සහ වර්තමාන ආණ්ඩුවේ පාලනයට එරෙහිව අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරය විසින් පෙරේදා කොළඹදී පැවැති දැවැන්ත විරෝධතා පා ගමනින් අනතුරුව පැවැති ජන රැලිය අමතමිනි.


අමෙරිකා එක්සත් ජනපදය ඉරාකයට මැදිහත් වූයේ මොකටද තෙල් සම්පත සොයාගෙන. අධිරාජ්‍යවාදී රටවල් මැදිහත්වන්නේ අනෙක් කුඩා රටවල්වලට එම රටවල්වල තිබෙන සම්පත් සොයාගෙන, ඕනෑම රටක වටිනාම සම්පත තමයි ඉඩම් සම්පත.
මේ රටේ මුතුන් මිත්තන් වගා කරපු ඉඩම්, රටේ ජනතාවගේ ඉඩම්
අක්කර 5,000කට වඩා වැඩි ඉඩම් ප්‍රමාණයක් ඩෝල් සමාගමට දුන්නා. ලෝකයේ පරිසර හානියක තර්ජනයක් වුණු සමාගමක් ඔය සමාගම එලෙස ලෝකයේ වෙනත් රටවලින් ප්‍රතික්‍ෂේප වූ සමාගමකට තමයි එම ඉඩම් ලබා දුන්නේ.
කොළඹ නගරයේ සශ්‍රික වාණිජත්වයෙන් වටිනා ඉඩම් විශාල ප්‍රමාණයක් හොංකොං, චීනය වැනි රටවල්වලට විකුණා දමා තිබෙනවා. ගෝල් ෆේස් පිට්ටනිය ගාව විශාල ප්‍රදේශයක් රුපියල් කෝටි 2,000ට ලබා දුන්නා. තවත් සමාගමකට ඉඩමක් තිබ්බා, රෝහලත් තිබ්බා, කඳවුරක් තිබ්බා, දැන් ඉඩමත් නෑ. රෝහලක් නෑ, කඳවුරත් නැහැ. සල්ලිත් නැහැ.
කොම්පඤ්ඤවීදියේ අක්කර 50ක් දුන්නා වෙල්කම් කියලා සමාගමකට. බදු සහන දෙනවා මුළු හෝටලය පටන් ගන්න. ව්‍යාපාර පටන්ගන්න තෙක් සියලු බදුවලින් නිදහස් වසර 10ක් යනකල්. ඊට පස්සේ තවත් අවුරුදු 15ක්. බාගයක් බදු. මේ සියල්ල වෙනකොට 2044 වසරේදී, තව අවුරුදු 31ක් ගියාට පස්සේ තමයි ආණ්ඩුවට බදු ආදායමක් එන්නේ. දැන් මහින්ද මහත්තයාට 67යි.
එතුමාගේ කාලයේදීවත් ආදායමක් ගන්න බැහැ ඔය හෝටලයෙන්.

කල්පිටිය බත්තලංගුණ්ඩුව ඇතුළු දූපත් 21ක් තිබෙනවා. බෝට්ටු සවාරි යන කුඩා කුඩා ආයෝජකයන් සිටියා. දූපත් 21ක්ම විකුණන්න ටෙන්ඩරයක් දැම්මා මහින්ද රාජපක්‍ෂ මහත්තයා. දැන් දූපත් 14ක් අයිතිවෙලා තිබෙන්නේ එක්කෝ ඉන්දියාවට, නැත්නම් ඕස්ටි්‍රයාවට.
මන්නාරම් ද්‍රෝණියේ සහ කාවේරි ද්‍රෝණියේ බැරල් මිලියන 14,000ක් තෙල් තිබෙන බවට ඇස්තමේන්තු ගත කර තිබෙනවා. ඉපදෙන්න ඉන්න පරම්පරාවට පටන් තිබෙන විශාල සම්පතක් ඒක.
මහින්ද රාජපක්‍ෂ කළේ මොකක්ද? තෙල් සම්පත් බිම් කොටස්වලින් කොටසක් දුන්නා ඉන්දියාවේ කායින්, කියලා සමාගමකට. තවත් කොටසක් දුන්නා චීනයට.
මන්නාරම් ද්‍රෝණියේ තෙල්වලින් බැරැල් 1000ක් ගත්තොත් 100ක් අපිට 900ක් ඉන්දියාවට. මේ රටේ විදෙස් විනිමයේ හිඟයක් තිබුණා නම් ආර්ථිකය ශක්තිමත් කරලා රට දියුණු කරන්න තිබුණු සම්පත තමයි ඔය තෙල් සම්පත. ඒකත් රාජපක්‍ෂ ඉන්දියාවට දුන්නා.



Posted in: , ,

0 comments for " කැට කුරුල්ලන්ට, ගේකුරුල්ලන්ට, බකමූණන්ට නිදහස ලබා දුන්නත්, ලියන කියන මාධ්‍යවේදීන්ට නිදහස නැ"

Leave a reply