ඊජිප්තුවේ පිරමීඩවල මෙන්ම සීගිරිය නිර්මාණය කර ඇත්තේ තාරකා පිහිටීම අනුව
අරලගන්විල ප්‍රදේශයට පතිතවූ උල්කාපාත කොටස පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහා පැමිණි මහාචාර්යවරයා ඇතුළු විද්‍යාඥ කණ්ඩායම 31දා පස්වරුවේ සීගිරිය පර්වතය මුදුනේ පිහිටි කුට්ටම් පොකුණේ ජල නියැදි පරික්ෂණ කටයුතු සඳහා ලබා ගැනීමට
පැමිණි අවස්ථාවේ මහාචාර්යවරයා මේබව පැවසීය. තමන් මීට පෙර අවස්ථා කිහිපයකදීම සීගිරියට පැමිණ ඇති බවත් ඊජිප්තුවේ පිරමීඩවල මෙන්ම ශ්‍රී ලංකාවේ සීගිරියද තාරකා විද්‍යාව පිළිබඳ දැනුම භාවිතා කරමින් නිර්මාණයකර ඇති බවත් එහි උත්තරද්‍රව හා දක්ෂණ ද්‍රව පිහිටීම් අනුව තාරකාවන් දෙස බැලීමකින් බව ඔප්පු වන බවත්, එය ඉතා ආකර්ශනීය දෙයක් බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙහිදී රතු සහ කහ පැහැති වර්ෂාව පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහා ජල නියැදි ලබා ගත්තේය. මෙම ගවේෂණ චාරිකාවට නාසා ආයතනයේ හිටපු කීර්තිමත් විද්‍යාඥයෙකු හා ආරාධිත දේශකයෙකු වන මහාචාර්ය රිචඩ් බී හුවර්, ආචාර්ය නූරි, කොළඹ වෛද්‍ය පර්යේෂනායතනයේ අධ්‍යක්ෂ අනිල් සමරනායක එක්ව සිටියහ.
.jpg)
0 comments for "ඊජිප්තුවේ පිරමීඩවල මෙන්ම සීගිරිය නිර්මාණය කර ඇත්තේ තාරකා පිහිටීම අනුව "
Leave a reply