අචලාගේ අත කපන්න වුණාට චෝදනා එල්ලවීමෙන් කුපිතවූ මාතර රෝහලේ වෛද්‍යවරු අකුරට වැඩ
නීති ශිෂ්‍ය අචලා ප‍්‍රියදර්ශනීගේ වම් අත කපන්නට වුනේ මාතර රෝහලේ වෛද්‍යවරුන්ගේ හා කාර්ය මණ්ඩලයේ අඩුපාඩු නිසා බවට ඒ පිළිබඳව පැවති පරීක්ෂණ වලින් තහවුරු වීමෙන් පසු හා ඒ ගැන මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් චෝදනා ගොනුවීමෙන් පසු ඒ ගැන කුපිතවී සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාතර ශාඛාව එකට එක කරන්නට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අකුරට වැඩ කරමින් ඔවුන් ජනතාවට ලබාදෙන සේවාව සීමා කරන්නට තීරණය කර තිබෙනවා. ඊයේ වෛද්‍යවරු 200 කගේ පමණ සහභාගීත්වයෙන් මේ පිළිබඳ සාකච්ඡුාවක් පවත්වා තිබෙන අතර එහිදී කථාකර ඇත්තේ රජයේ හා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලැබෙන අඩු සහයෝගය මත වුවත් මාතර රෝහල තම කාර්යය මෙතෙක් නිසියාකාරව ඉටු කර ඇති නමුත් සුළු දේවල් පදනම් කර අභූත චෝදනා නගා ඇති බවයි.
අචලාගේ සිද්ධියෙන් පසු මාතර රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් හා නියෝජ්‍ය අධ්‍යක්ෂ රවීන්ද්‍ර වීරසේකරගේ පරිපාලනය දුර්වල බවට මාධ්‍ය මගින්
නොමනා වාර්තා පළකර ඇති බවත් එය ඔවුන්ගේ වෘත්තීය ගරුත්වයට හානිකර ඇති බවත් මෙහිදී බරපතල ලෙස කථා බහට ලක්ව තිබෙනවා.
තම රෝහල මගින් සිදු කර ඇති ජනතා මෙහෙවර අඩු ලන්සුවකට තබා මඩ ගසන වාතාවරණයක් තුළ තමන්ද එකට එක කළ යුතු බවට අවසානයේ පිරිස තීන්දු කර තිබෙනවා. ඒ අනුව තීරණය කර ඇත්තේ දිනකට රෝහලේ සායන වලින් ප‍්‍රතිකාර ලබාදෙන පිරිස 300 කට සීමා කරන්නටත්(දැනට 600 පමණ සිදු කරයි* වාට්ටුවල ඇඳන් ප‍්‍රමාණයට පමණක් රෝගීන් ඇතුළු කරන්නටත්ය. එසේම දිනකට මෙතෙක් සිදු කළ සැත්කම් 20 සැත්කම් 7 දක්වා අඩු කරන්නටත් තීරණය වී තිබෙනවා.
ඒ අනුව සැත්කම් වලට දැනට දින ලබාදී ඇති අයගේ සැත්කම් මාස 3 කින් පමණ කල් යන්නට නියමිත අතර මේ නව වෙනස්කම් රෝගීන්ට තැපෑලෙන් දැනුම් දෙන ලෙස දන්වා තිබෙනවා. රෝහල් පරිපාලනය විවේචනය කළ පුවත්පත් දෙකකට එරෙහිව නඩුු මගට එළැඹෙන්නටද වෛද්‍යවරු තීරණය කර තිබෙනවා.

0 comments for "අචලාගේ අත කපන්න වුණාට චෝදනා එල්ලවීමෙන් කුපිතවූ මාතර රෝහලේ වෛද්‍යවරු අකුරට වැඩ "
Leave a reply