වරදට සමාව දෙන මංගල දැන්වීම් පළ කරමින් කාන්තාවන් රවට්ටලා
ජාතික පුවත්පත්වල මංගල දැන්වීම් පළ කරමින් කාන්තාවන් රවටා මූල්‍ය වංචාවක නිරත වූ කූරියර් සේවයක රැකියාවේ නිරතව සිටින්නෙකු පොලිස් කාන්තා නිලධාරිනියක් මගින් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය 19 වෙනිදා සමත්ව ඇත. මංගල දැන්වීමක් මගින් හඳුනාගත් අම්බලන්ගොඩ පදිංචි තරුණියක් රවටා විවාහ වන බවට පොරොන්දු දී ඇගෙන් රුපියල් ලක්‍ෂ 07 ක මුදලක් ලබා ගෙන සැගවී සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින්ට හැකිවන්නේ ඇය ඒ ගැන පොලිස්පති සහන මැදිරියට ගොස් කළ පැමිණිල්ලක් හේතුවෙණි.
එම පැමිණිල්ල පොලිස්පතිවරයා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මගින් කොළඹ අපරාධ කොට්ඨාශයට විමර්ශනය කරන්නට 19 වෙනිදා භාරදී ඇති අතර මෙදිනම කාන්තා පොලිස් නිලධාරිනියක් මගින් ඔහුට දුරකථන ඇමතුමක් ලබා දෙමින් නුගේගොඩ නගරයට ඔහුව කැඳවා අත්අඩංගුවට ගෙන ඇත. තිස් දෙහැවිරිදි වියේ පසු වන සැකකරු තමා කොළොන්නාවේ පදිංචිව සිටින බවත්, කොළොන්නාව සිවිල් ආරක්‍ෂක කමිටු
සභාපතිවරයා බවත්, සමාගමක හිමිකරුවෙක් බවත්, වරදට සමාව දෙන බවත් මංගල දැන්වීමේ සටහන් කරන බවත් ඊට රැවටෙන කාන්තාවන්ගෙන් ඔහු මුදල් ගරා ගන්නේ උපක‍්‍රමශීලිව බවත් කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරයි. මෙම පුද්ගලයා විවාහකයෙක් බවත් දරුවන් තිදෙනෙක්ද සිටින බවත් පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත. එසේම නීත්‍යානුකූල නොවන විවාහයන් තුනක්ද ඔහු කරගෙන ඇතැයි පොලිසිය කියයි. මේ පුද්ගලයා මංගල දැන්වීම් මගින් කාන්තාවන් රැවටීම ආදායම් මාර්ගයක් කරගෙන සිටින බවත් රටපුරා කාන්තාවන් රැසක්ම ඔහු රවටා ඇතත් ලැජ්ජාව හේතුවෙන් බොහෝ අය ඔහුට එරෙහිව පැමිණිළි නොකරන බවත් කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරයි.
Posted in:
sri e news,
වරදට සමාව දෙන මංගල දැන්වීම්

0 comments for "වරදට සමාව දෙන මංගල දැන්වීම් පළ කරමින් කාන්තාවන් රවට්ටලා"
Leave a reply