ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

තෙල් ඇමති පිලිගැනීමේ උත්සවයට කෝටියක් වියදම් කරලා



ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා 12දා පළමු වරට කොලොන්නාව තෙල් නිමා සංකීර්ණය වෙත පැමිණීම නිමිත්තෙන් පවැත්වු  උත්සවය නිමිත්තේන් රුපිල් කෝටියකට අධික මුදලක් වියදම් කර ඇතැයි වාර්තාවේ.

එම උත්සවය මුල්කරගෙන රුපියල් ලක්‍ෂ හතළිස්‌ දෙකක්‌ (රු. 4,200,000) වැයකර එම ගොඩනැගිලි පරිශ්‍රයේ තීන්ත ආලේප කර තිබේ.

එම තීන්ත ආලේප කිරීමේ කටයුතුවල නිරත සේවක සේවිකාවන් හාරසිය (400) දෙනකුට දින හතරකට අතිකාල දීමනා ලෙස රුපියල් ලක්‍ෂ තිස්‌පහක්‌ (රු. 3,500,000‌) වැයවී ඇතැයි ගණන් බලා ඇත.

රුපියල් තුන්දහස්‌ දෙසීයක්‌ (රු. 3200) වටිනා මල් පෝච්චි 35 ක්‌ ද අලුතෙන්ම මිලදී ගෙන ඇති අතර රියදුරන්, ලිපිකරුවන්, ආරක්‍ෂක අංශ නිලධාරීන් සමඟ විධායක
ශ්‍රේණි නිලධාරීන්ද දින 04ක්‌ තිස්‌සේ අතිකාල දීමනා ලබමින් උත්සවය සංවිධානය කර තිබේ.

මේ වනවිට මුදල් නැතැයි කියමින් සේවකයන්ට ලබාදෙන නිවාස ණය ආදී පහසුකම් නතර කර, කොලොන්නාවේ තෙල් නිමා සංකීර්ණයේ වැසිකිළි පද්ධතිය පවා ජරාජීර්ණව ඇති තත්වයක තිබියදී ඇමැතිවරයා පැමිණීමේ පිළිගැනීමේ උත්සවයක්‌ වෙනුවෙන් රුපියල් ලක්‍ෂ සීයකට (කෝටියකට) අධික මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් සේවකයෝ මැසිවිලි නගති.

Posted in: ,

0 comments for "තෙල් ඇමති පිලිගැනීමේ උත්සවයට කෝටියක් වියදම් කරලා"

Leave a reply