මැදපෙරදිග වහල් සේවයට අපි තදින් ම විරුද්ධ යි. ඒ වෙනුවෙන් පෙළ ගැසෙන්නට මහා සංඝ රත්නයට අපි ආරාධනා කරනවා.
‘‘මැදපෙරදිග වහල් සේවයට අපි තදින් ම විරුද්ධ යි. ඒ වෙනුවෙන් පෙළ ගැසෙන්නට මේ රටේ සිවුදෙස මහා සංඝ රත්නයට අපි ආරාධනා කරනවා. පාලකයන්ට මේවා ගැන හොයන්න බලන්න මේ සිද්ධ වෙන අසාධාරණකම් වළක්වන්න ඉහ මොළ නැත්නම්, අනේ අපේ හාමුදුරුවනේ… ඔබවහන්සේලා මැදිහත්වෙලා අපේ අහිංසක දුප්පත් ජනතාවට අත දෙන්න ග‍්‍රාමීය වැඩපිළිවෙළක් සකසන්න’’ යැයි සෞදියේ දී වරදකරුවෙකු වූ තුංගසිරි තරුණායට අත්වූ ඉරණම පිළිබඳ ව අදහස් දක්වමින් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප‍්‍රකාශ කර සිටියහ.‘බුදුදහමින් පෝෂණය වූ අපේ රටේ අපි සලකන්නේ ‘සිරකරුවන් ද මනුෂ්‍යයන් හැටියට යි’’ නමුත්, මීට දින කිහිපයකට පෙර අපේ රිසානා දුවට අත්වුණු ඉරණම දෙස බලන විටත්, දැන් අහිංසක තුංගසිරිට අත්ව
ඇති ඉරණම දෙස බලන විටත් මැදපෙරදිග ම්ලේච්ඡුත්වය හා ෂරියා නමැති නීතියේ ස්වභාවය පිළිබඳ ව යළිත් වතාවක් අපේ ඇස් ඇරවන්නට තිබෙන බව බොදු බල සේනා සංවිධානය විදිහට වගකීමෙන් අවධාරණය කළ යුතු යි. තුංගසිරි කිසිම වරදක් කර නැහැ. ඉස්ලාමීය ෂරියා නීතියට අනුව, ඔහු විසින් සිදු කර ඇති එකම වරද නම් තමන් අදහන ශාස්තෘවරයා වන බුදුරජාණන් වහන්සේට පහනක් දල්වලා අත් දෙක එකට එකතු කරලා වන්දනාමාන කිරීම යි. මේ පිළිබඳ ව රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා විසින් හෙළදරව් කළාට පස්සේ මැදපෙරදිග ගෘහ සේවයේ අඳුරු පැතිකඩ පිළිබඳ විශාල ජනමතයක් ගොඩනඟන්නට අපිට පුළුවන්කමක් ලැබුණා. මේ රටේ මහා සංඝරත්නය විදිහට අපිට බලවත් සංවේගයක් තියෙනවා අපේ සිංහල බෞද්ධයන්ට අද අත්වෙලා තිබෙන ඉරණම දෙස බලන විට, අපිට තවදුරටත් ඇහැ ඇරලා බලන්න වෙනවා මේ ශිෂ්ට ලෝකයේ තවමත් මෙවැනි විධි අනුගමනය කරන මිනිසුන් ඉන්නවා ද කියන එක. කොහොම වුණත් තුංගසිරිව බේරා ගැනීමට නො හැකි වීම තුළින් රජය යළිත් වරක් තමන්ගේ නො හැකියාව ප‍්‍රදර්ශනය කොට තිබෙනවා. ඔහුට වසරක සිර දඬුවමක් සහ කස පහර සියයක් ලබාදීමට නියම වී තිබෙනවා.’’
Posted in:
srienews.com
0 comments for "මැදපෙරදිග වහල් සේවයට අපි තදින් ම විරුද්ධ යි. ඒ වෙනුවෙන් පෙළ ගැසෙන්නට මහා සංඝ රත්නයට අපි ආරාධනා කරනවා. "
Leave a reply