කසුන් කල්හාරගේ සංගීත වීඩියෝවක නයි නලගනගේ රංගනයක්

කසුන් කල්හාරගේ සංගීතයට හරේන්ද්‍ර හා මාධව නමැති නව පරපුරේ ගායකයින්ගයන නාඳුනන දෑසින් නමැති පිටවන්නට නියමිත ගීතයේ මියුසික් වීඩියෝවට නයි නලගන( නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි) සිය නර්තනයන් ඉදිරිපත් කරන බව වාර්තා වනවා.
කාලයක් තිස්සේ මෙම ගීත නිර්මාණය සකස් කරන්නට වෙහෙස දරමින් සිටියදී එහි රංගනය සඳහා නයිට්
ක්ලබ් ඩාන්ස් කරන තරුණියක සොයමින් සිටි බවත් ඒ සඳහා වඩාත් ගැලපෙන කෙනෙකු ලෙස නයි නල`ගන තෝරාගෙන ඇයව සම්බන්ධ කරගත් බවත් නිර්මාණකරුවන් පවසනවා.
මෙම ගීතයේ වීඩියෝව තව නොබෝ දිනකින්ම නිකුත් කරන්නට යන අතර එහි හැඳින්වීමේ වීඩියෝවක් පහත පළව ඇත.මෙම රංගනයට දායකවූ නයි නල`ගන පවසා ඇත්තේ ඇය මියුසික් වීඩියෝවෙන් නතර නොවන බවත් ඉදිරියේදී නිරූපිකාවක් වන්නටත් රූපවාහිනී නිවේදිකාවක් වන්නටත් බලාපොරොත්තුවෙන් සිටින බවයි.
Posted in:
sri e news
0 comments for "කසුන් කල්හාරගේ සංගීත වීඩියෝවක නයි නලගනගේ රංගනයක්"
Leave a reply