මහ දවල් රුපියල් කෝටියක් කොල්ල කති
මුදල් හුවමාරු කරන ස්ථානයක සේවකයින් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 100 ක මුදලක් කොල්ල කා තිබේ. 12 දා පස්වරුවේ මෙලෙස මුදල් කොල්ල කා ඇතැයි සඳහන්ය.රුපියල් කෝටියක් රැගෙන පිටතට පැමිණි ව්‍යාපාරියකු පැහැර ගෙන ගොස් එම මුදල කොල්ල කෑ රථවාහන පොලිසියේ නිලධාරියා සහ රහස් පොලිස් නිලධාරින් සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි.
පොලිස් වෙස්ගත් මෙම සොර කල්ලිය ඉතා සූක්ෂම මෙහෙයුමක් සිදු කරමින් මෙම කොල්ලය සිදුකර ඇත මෙම ව්‍යාපාරිකයා බලයලත් විදෙස් මුදල් හුවමාරු කරන අයෙකි. ඊයේ දවසේ සිදුකළ ගනුදෙනුවලට අයත් එතෙර මුදල් තොගය රැගෙන සිය මෝටර් රථයෙන් කොම්පඤ්ඤවීදියේ පිහිටි බැංකුවක් වෙත පැමිණ ඇත්තේ ඔහුගේ රියදුරාද සමගින් ය. බැංකුවේ විදෙස් මුදල් තොගය තැන්පත් කොට රුපියල් කෝටියක්
ශ්‍රී ලංකා මුදලින් ලබාගත් මෙම ව්‍යාපාරිකයා සිය රියදුරා සමග වාහනයේ නැග ගංඟාරාමය දෙසට යන්නට පටන් ගෙන තිබේ. එම මාර්ගයේ සිටි රථ වාහන පොලිස් නිල ඇඳුමින් සැරසී සිටි පුද්ගලයෙක් වාහනයට අත දමා නවතා ඇත.
එම අවස්ථාවේ නුදුරින් නවතා තිබූ ඩිෆෙන්ඩරයකින් බැස ආ කණ්ඩායමක් තමන් රහස් පොලිසියේ බව පවසා රියදුරා ඇද ගෙන ගොස් ඩිෆෙන්ඩරයට දමා ඇත.
තවත් අයෙක් ව්‍යාපාරිකයා සමග මෝටර් රථය පදවා ගෙන ගොස් තිබේ. කොළඹ වටා සෑහෙන කාලයක් කරක් ගසා කෝට්‍ටේ ප්‍රදේශයට පැමිණ රියදුරා සහ ව්‍යාපාරිකයා එහි අතහැර පළා ගොස් ඇත.
රථය පසුව ඔරුගොඩවත්ත ප්‍රදේශයේ තිබී පොලිසිය මගින් සොයා ගෙන තිබේ. රුපියල් කෝටියක මුදල් තොගය සමග හොරා පොලිස් කණ්ඩායම අතුරුදන් බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ හෙහෙයුම් ඇරඹී තිබෙන බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීවේය.
Posted in:
sri e news.com,
මහ දවල් රුපියල් කෝටියක් කොල්ල කති
0 comments for "මහ දවල් රුපියල් කෝටියක් කොල්ල කති"
Leave a reply