රංගේ බණ්ඩාරගේ නිවසේ තරුණියක් තමාව බේරා ගන්න යනුවෙන් කෑගසන බවට 119ට දුරකථන ඇමතුම
නිවසක තරුණියක් සිරකර ගෙන සිටිනවා යනුවෙන් පවසමින් 119 පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංශයට තුන්වතාවක් ඇමතුම් ලබා දී පුත්තලම දිස්ත‍්‍රික් එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගේබණ්ඩාර මහාගේ නිවස පරීක්ෂා කරවීමට පොලිස් නිලධාරීන් යැවීමේ සිද්ධියෙන් තමා අපහසුතාවයට පත් වූ බවට එම මන්ත‍්‍රීවරයා මිරිහාන මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක කර තිබේ.
119 පොලිස් හදිසි දුරකථන ඇමතුමකට ලද තොරතුරක් මත වහාම ක‍්‍රියාත්මක වූ මිරිහාන මූලස්ථාන පොලිසියේ කණ්ඩායමක් එම දුරකථන ඇමතුම් ලබා ගත් තැනැත්තා ලබා දුන් මිරිහාන
ප‍්‍රදේශයේ පිහිටි නිවසට ගොස් තිබේ.
තරුණියක් තමාව බේරා ගන්න යනුවෙන් කෑගසන බවට ලැබුණු එම තොරතුරට මෙම නිවස පරීක්ෂා කොට ඇති අතර එහි දී පාලිත රංගේබණ්ඩාර මහතාගේ පුතා එම නිවසේ සිට ඇත.
නැවත ඉකුත් සිකුරාදා දින අවස්ථා දෙකක දී පොලිසියට හා ළමා හා කාන්තා කාර්යංශයට ලැබුණු මෙම ඇමතුම නිසා නැවත වරක් පොලිසිය එම නිවසට ගොස් ඇත.
ඉන් එක් අවස්ථාවක දී පාලිත රංගේබණ්ඩාර මහතා ද නිවසේ සිට තිබේ.
Posted in:
sri e news
.jpg)
0 comments for "රංගේ බණ්ඩාරගේ නිවසේ තරුණියක් තමාව බේරා ගන්න යනුවෙන් කෑගසන බවට 119ට දුරකථන ඇමතුම"
Leave a reply