ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

අරලගංවිල උල්කාෂ්මයත් බොරුවක්ලු


පොළොන්නරුව, අරලගංවිල කුඩාවැව ප්‍රදේශයේ වෙල්යායකින් හමුවු පාෂාණ කැබලි උල්කාෂ්ම නොවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. අදාළ පාෂාණ කැබලි සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී මේ බව තහවුරු වු බව මහාචාර්යවරයා සදහන් කළේය.
පර්යේෂණවලින් අනතුරුව එම කටයුතු සඳහා සහභාගී වු භූ විද්‍යාඥයින් පිරිස මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම කරුණු අනාවරණය කර තිබේ.
අදාළ උල්කාෂ්ම යැයි සැලකෙන ද්‍රව්‍ය විදුලි කෙටීම සමග නිර්මාණය වු ඝන ද්‍රව්‍යයක් බවත් එය ජලය සමග මුසුවී ගලාගෙන ගොස් ඇති බව තහවුරු වුයේ ඒවා ජලය ගලන පැත්තට වන්නට තිබී සොයාගත් නිසා බවත්
එම කුඹුරුයායවල ඇති වී සහ මඩ කොටස් තැන්පත් වීම නිසා මෙම ආගන්තුක ද්‍රව්‍යවල ජීවි සෛල ඇතැයි යන්න නිගමනවලට එළඹ ඇතැයි
යන්න එහිදී අවධාරණය කෙරිණ.
එහිදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය රෝහණ චන්ද්‍රජිත් මහතා ද ඒ පිළිබඳ අදහස් දක්වන ලදී.
අදාළ ද්‍රව්‍ය ප්‍රාථමික පාෂාණයක් නොවන නමුත් ඒවායේ ද්වීතික පාෂාණ ලක්ෂණ ඇති බවත් කෙසේ වුවද ඒවා උල්කාෂ්ම ලෙස සැලකිය නොහැකි බවත් ඔහු පැවසීය.
ලොව පුරා මෙතෙක් සොයාගෙන ඇති උල්කාෂ්ම චුම්භක ප්‍රතිකියා දක්වන නමුදු මෙම ද්‍රව්‍ය එසේ ප්‍රතිකියා නොකරන බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයෙන් හමුවු පාෂාණ කැබලි සම්බන්ධයෙන් එංගලන්තයේ බකිංහැම් විශ්ව විද්‍යාලයේ තාරකා ජීව විද්‍යා අංශ ප්‍රධානී මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් පසුගියදා පරීක්ෂණයක් සිදුකරන ලදී.
එම පරීක්ෂණවලින් අනතුරුව ඔවුන් පැවසුවේ අදාළ පාෂාණ කැබලිවල පිටසක්වල ජීවයක පැවැත්ම තහවුරු කරන සාක්ෂි පවතින බවයි.
මේ අතර පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණය අසළ නිවසක් අසළට පතිත වු පාෂාණ කැබලි උල්කාෂ්ම නොවන බවට තහවුරු වී තිබේ.
කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේ එය සාමාන්‍ය පාෂාණ විශේෂයක් බවයි.

එසේම දඹුල්ල පුවක්අත්තාවල, සමන්තලායායේ නිවසක මිදුලටද කළු හා සුදු පැහැයට හුරු කුහර සහිත ආකාශ වස්තුවක් ඊයේ රාත්‍රී වැටී ඇති අතර එයද වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා අදාළ අංශ වෙත භාරදීමට පියවර ගෙන ඇත.

Posted in:

0 comments for "අරලගංවිල උල්කාෂ්මයත් බොරුවක්ලු"

Leave a reply