නිදහසට ප්‍රධානම තර්ජනය එල්ල වන්නේ ආණ්ඩුවෙන්
ශ්‍රී ලංකාවේ නිදහසට ප්‍රධානම තර්ජනය එල්ල වන්නේ විපක්ෂයෙන් නොව ආණ්ඩුවෙන් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
එජාප මහ ලේකම් තිස්ස අත්තනායක ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ නිදහස ආරක්ෂා කිරීමේ වගකීමෙන් විරුද්ධ පක්ෂය ද බැඳී සිටින බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ නිදහස් දින උත්සවයේදී කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින්.
ශ්‍රී ලංකාවේ නිදහස ආරක්ෂා කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සිය වගකීම් ඉටුකරමින් සිටින බවයි,
අත්තනායක මන්ත්‍රීවරයා පවසන්නේ.
"මේ රටේ මාධ්‍ය නිදහස අහුරන්නේ කවුද? ආර්ථික නිදහස? දැන් චීනයේ කොලනියක් බවට ශ්‍රී ලංකාව පත් වෙමින් තියෙනවා," යනුවෙන් ද ඔහු පැවසීය.
අධිකරණයේ සහ පාර්ලිමේන්තුවේ පවා නිදහස අසුරා තිබෙන බව පවසන එජාප මහ ලේකම්වරයා, රටේ නිදහස ඇති කිරීමේ සැබෑ අවශ්‍යතාවයක් තිබෙන්නේ නම් ආණ්ඩුව කළ යුතුව තිබෙන්නේ "මුදල් ගෙවා සම්මත කරගත්" 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කිරීම බව අවධාරණය කරයි.
ඊයේ ත්‍රිකුණාමලයේ පැවති නිදහස් දින උත්සවයට එජාපය සහභාගි නොවීය.
0 comments for " නිදහසට ප්‍රධානම තර්ජනය එල්ල වන්නේ ආණ්ඩුවෙන්"
Leave a reply