යාල වනෝද්‍යානයේ කොටියකුගේ සිරුර කිඹුලන්ට කන්න දීලා
යාල වනෝද්‍යානය තුළ දී ධාවනය වෙමින් තිබූ ජීප් රථයක ගැටී කොටියකු මරුමුවට පත්වී ඇති අතර එම සතාගේ සිරුර කිඹුලන්ට කන්න දී ඇතැයි කියන සිද්ධියක් වාර්ථා වේ.
මෙම අනතුර පිළිබඳ ජීප් රථයේ ගමන්ගත් පිරිස් වනජීවි අංශයට වාර්තා කර නැති අතර කෙසේ හෝ මෙම සිද්ධිය ඇතුළු වන සතුන්ගේ ජීවිතවලට බලපා ඇති තර්ජන රැසක් වනජීවි අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතාට වාර්ථා වී තිබේ.
ඒ අනුව ජාතික වනෝද්‍යාන තුළ ජීවත් වන සතුන්ගේ ජීවිත හා එම සතුන්ගේ ප්‍රජනන චර්යා රටා ආරක්ෂා කරන පිධිමත් වැඩ පිළිවෙලක් ආරම්භ කිරීම කෙරෙහි වනජීවි
සංරක්ෂණ අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේ.
එහි එක් පියවරක් වශයෙන් ඇන්ජින් ශබ්දය අධික වාහන සඳහා වනෝද්‍යාන තුළට ඇතුළු වීමට අවසරය ලබා නොදීමට පියවර ගනු ලැබේ.
ඩෙසිබල් අගය සෆාරි ජීප් රථවල වැඩි වී ඇත්තේ සමහර රියදුරන් විසින් ඒවායේ සවිකර තිබෙන අමතර උපාංග හේතුවෙන් බව විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
වනෝද්‍යාන තුළට ජංගම දුරකථන රැගෙන යාම තහනම් කිරීම කෙරෙහිද අවධානය යොමු වී තිබේ.
වන සතුන් දුටු විට ජංගම දුරකථනය හරහා වනය තුළ සැරිසරණ සෙසු වාහනවලට දැනුම් දීම හා ඒ සමඟ එම රථ අධික ශබ්දය නගමින් වේගයෙන් වන සතුන් සිටින ස්ථානයට පැමිණීමට උත්සාහ දැරීම ඊට හේතුවයි.
මෙම ශබ්දය හා අධික වේගය හේතුවෙන් වන සතුන් බොහෝ කලබලයට පත්වන බවත්, පක්ෂීන්ගේ ප්‍රජනන රටාව එම සතුන්ට අහිමි වී තිබෙන බවත් පෙනී ගොස් තිබේ.

0 comments for "යාල වනෝද්‍යානයේ කොටියකුගේ සිරුර කිඹුලන්ට කන්න දීලා "
Leave a reply