මර්වින් සිල්වා හැදුනුම්පත් එකතු කරයි
තම අත්සන සහිතව සම්බන්ධීකරණ ලේකම්, සම්බන්ධීකාරක සහ උපදේශක යන තනතුරු සදහා නිකුත් කළ සියලූම හැදුනුම්පත් මෙම මස අවසන් වීමට මත්තෙන් තමා වෙත නැවත බාරදීමට කටයුතු නොකලහොත් ඔවුන්ගේ නාම ලේඛනයක් පොලීසියට බාරදී ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවට මහජන සබදතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
කෙසේ වෙතත් මෙම හැදුනුම්පත් ඉකුත් ජනවාරි මාසයේ 9 වෙනිදා විශේෂ මාධ්‍ය නිවේදනයක් කරමින් නැවත ලබාගැනීමට කටයුතු කළ නමුත් තවදුරටත් එම හැදුනුම්පත් ඔවුන් සන්තකයේ තබා ගනිමින් සිය කීර්ති නාමයට හානි වන අයුරින් ක‍්‍රියා කරන බැවින්
මෙවැනි දැඩි තීරණයකට එළැබි බවද සදහන් කරයි.
තමා විසින් ලබාදුන් හැදුනුම්පත් තවදුරටත් කවරෙකු සතුව හෝ තිබේ නම් ඒවා මේ මස අවසන් වීමට මත්තෙන් කොළඹ 04, ගාලූ පාර, අංක 302 යන ස්ථානයේ පිහිටි සිය අමාත්‍යංශ කාර්යාලයට බාර දෙන්නැයි අමාත්‍යවරයා එම නිවේදනයෙන් වැඩිදුරටත් සදහන් කරයි.
Posted in:
sri e news,
මර්වින් සිල්වා හැදුනුම්පත් එකතු කරයි
.jpg)
0 comments for "මර්වින් සිල්වා හැදුනුම්පත් එකතු කරයි"
Leave a reply