තිස්ස අත්තනායකට ඩුබායිහිදී අකරතැබ්බයක්
රාජ්‍ය තාන්ත‍්‍රික (VIP) ගුවන් බලපත‍්‍රයක් හිමි තමන් එමිරේට්ස් ගුවන් සමාගමේ වරදින් ඩුබායි හි ගුවන් තොටුපොළේ දී අසීරුතාවට පත් වූ බවට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා මෙරට එමිරේට්ස් ගුවන් සේවා කාර්යාලයට පැමිණිලි කොට ඇත.
පෞද්ගලික සංචාරයක් සඳහා එංගලන්තයට ගොස් සිටි තිස්ස අත්තනායක මහතා පසුගිය 28 වැනි දින ආපසු පැමිණි අතර එංගලන්තයේ සිට ඩුබායි හරහා ශ‍්‍රී ලංකාවට පැමිනීමට ඔහු එමිරේට්ස් ගුවන් යානයක ආසනයක් වෙන් කර ගෙන තිබිණි.
ලන්ඩන් නුවර සිට පැමිණි එමිරේට්ස් ගුවන් යානය ඩුබායි ගුවන් තොටුපොළට පැමිණෙන විට නියමිත වේලාවට වඩා පැයක් ප‍්‍රමාද වී ඇත. ඩුබායි සිට කොළඹට ගමන් කරන ගුවන් යානය වෙත මාරු වීමට තිස්ස අත්තනායක මහතාට ලැබී ඇත්තේ පැයක
කාලයකි.
අත්තනායක මහතාට ඩුබායිහි දී ගුවන්යානයට ගොඩවීමේ අවසර පත‍්‍රය (බෝඩින් පත‍්‍රය) ලන්ඩනයේ දී ලබා තිබුණේ අංක 26 ගේට්ටුව ලෙසිනි. ඔහු එම ගේට්ටුව වෙත ගිය ද එම කවුන්ටරයෙන් අංක 16 ගේට්ටුවට යන ලෙස දන්වා තිබුණි.
ඒ අනුව කිලෝමීටරයක් පමණ පයින් ගමන් කිරීමට ඔහුට සිදු වී ඇත. එහෙත් එම 16 වැනි ගේට්ටුවෙන් ප‍්‍රකාශ කර තිබුණේ 26 වැනි ගේට්ටුවෙන් ම ගුවන් යානය වෙත ගොඩ විය යුතු බවකි. ගුවන් යානය පිටත්ව යාමට නියමිත වේලාවට ළං වෙමින් තිබූ නිසා තිස්ස අත්තනායක මහතාට යළි කිලෝමීටරයක් ගෙවා 26 වැනි ගේට්ටුවට ම දිව යාමට සිදු විය.
එහෙත් 26 වැනි ගේට්ටුව භාර නිලධාරිනියක ඉන්පසුව ප‍්‍රකාශ කොට ඇත්තේ දැන් එම ගුවන් යානයේ ආසන වෙන් කිරීමට ප‍්‍රමාද වී ඇති බවකි. එහෙත් එහි දී සිදු වූ දැඩි කතාබහකින් පසුව තිස්ස අත්තනායක මහතාට ගුවන්යානයේ ආසනයක් වෙන් කොට දී ඇත.
Posted in:
තිස්ස අත්තනායකට ඩුබායිහිදී අකරතැබ්බයක්
.jpg)
0 comments for "තිස්ස අත්තනායකට ඩුබායිහිදී අකරතැබ්බයක්"
Leave a reply