ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

සංගීත සංදර්ශනයෙන් පසු පෙම්වතා පෙම්වතිය කෙළෙසා පාළු ළිඳකට තල්ලුකරලා!


සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් ආපසු පැමිණෙමින් සිටි ගමනේදී සිය පෙම්වතිය පාළු වත්තකට ගෙනගොස් කෙළෙසා ළිඳකට දැමූ පෙම්වතෙක් ඇතුළු 3 තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මීරිගම පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මීරිගම ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක ඊයේ රාත්‍රී පැවැත් වූ බව කියන සංගීත සංදර්ශනයක් නැරඹීමට මෙම තරුණිය සිය පෙම්වතා සමග ගොස් ඇතැයි පොලීසිය කියයි.
එය අවසන් වීමෙන් පසු පෙම්වතා සමගම යතුරු පැදියේ නැගී ආ බව කියන 25 හැවිරිදි වියේ පසුවන එම පෙම්වතිය පාළු වත්තකදී අතවර කර ළිඳකට දමා ඇත.
ඊට පෙම්වතා සමග තවත් දෙදෙනෙකු හවුල් වී ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය
වී ඇති බව පොලීසිය පවසයි.
11දා  උදෑසන 6.00ට පමණ එම තරුණිය දුරකථනයෙන් සිය ඥාතියෙකුට ලබාදුන් පණිවිඩයකට අනුව වතුර නොමැති ළිඳක සිටි තරුණිය ගොඩ‍ටගෙන ගම්පහ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ බව කියන තරුණයින් හඳුනාගෙන ඇති පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇත.

Posted in:

0 comments for "සංගීත සංදර්ශනයෙන් පසු පෙම්වතා පෙම්වතිය කෙළෙසා පාළු ළිඳකට තල්ලුකරලා!"

Leave a reply