එල්ලුම් ගහට නියම වූ සිරකරු විධායක නිලධාරියෙකු ලෙස හඳුන්වා දෙමින් කාන්තාවන්ට හා පිරිමින් රවටා මුදල් ගරලා
මෝදර කාක දුපත වෙරළ තීරයේ දී ඉන්දීය ජාතික රීටා ජෝන් මහත්මිය පැහැරගෙන ගොස් දුෂණය කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම ව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින පුද්ගලයකු ජංගම දුරකථන සමාගමක විධායක නිලධාරියෙකු ලෙස හඳුන්වා දෙමින් කාන්තාවන්ට හා පිරිමින්ට ජංගම දුරකථනකින් කතා කර රුපියල් දහස් ගණනින් මුදල් වංචාව කරගෙන යෑමට ඔහුට සහාය දුන් බව කියන අඹු සැමි යුවළක් නාරාහේන්පිට ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබූහ.
ජංගම දුරකථන සමාගමක විධායක නිලධාරියෙකු බව පවසමින් පුද්ගලයකු පූගොඩ පොලිස් වසමට අයත් වානලූවාව ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවකට දුරකථනයෙන් කතා කර තම සමාගම විසින් අදින ලද ලොතරැයියකින් රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා මෝටර්රථයක් ජයග‍්‍රහණය කර ඇති බව ඇයට දැනුම් දී ඇතැයි පූගොඩ පොලිස් නිලධාරියෙක් පැවැසීය.
එම ජයග‍්‍රාහී මෝටර් රථය රැගෙන යෑමට සමාගමට පැමිණීමට දිනයක් ද
ඇයට දැනුම් දී ඇති අතර, ඊට කලින් මෝටර් රථයේ ලියාපදිංචිය රුපියල් 30,000ක් පමණ මුදලක් ගෙවිය යුතු බව ඇයට පවසා ඇත. එම මුදල තැන්පත් කළ යුතු බැංකු ගිණුම් අංකයක් ද ඒ සමඟ ම කාන්තාවට දී ඇතැයි පොලිසිය පවසයි.
දුරකතන සමාගමේ විධායක නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් කතා කළ පුද්ගලයා දුන් ගිණුම් අංකයට රුපියල් 30,000ක පමණ මුදල තැන්පත් කළ කාන්තාව ජයග‍්‍රාහී මෝටර් රථය ලබා ගැනීම සඳහා කොළඹ පිහිටි ජංගම දුරකථන සමාගමට ගොස් ඇත.
මෙවැනි ආකාරයේ ලොතරැයි දිනුම් ඇදීමක් තම සමාගම විසින් සිදු නො කරන බවට එහි උසස් නිලධාරියෙක් කරුණු අවබෝධ කර දීමෙන් පසුව කාන්තාව මේ සිද්ධිය පූගොඩ පොලිසියට පැමිණිලි කර තිබේ.
එම ගිණුම් අංකය ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පූගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්. ඞී. ඞී. නිලංග මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් නාරාහේන්පිට ප‍්‍රදේශයේ පදිංචි අඹු සැමි යුවළක් පෙරේදා අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේ දී මෙම මහා පරිමාණ වංචාවේ සුලමුල හෙළිවී ඇත.
0 comments for "එල්ලුම් ගහට නියම වූ සිරකරු විධායක නිලධාරියෙකු ලෙස හඳුන්වා දෙමින් කාන්තාවන්ට හා පිරිමින් රවටා මුදල් ගරලා"
Leave a reply