ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

අගමැතිකම දීල තියෙන්නෙ මෙලෝ හත්තිලව්වක් කරන්න බැරි මිනිහෙකුට


මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයටයි පුතාටයි ගැහිල්ල නාමල්ටයි මහින්ද මහත්තයටයි අපේ රටේ මාධ්‍යවලින් කවදාවත් ගහයි ද? අද ජනමාධ්‍යවලට දීල තියෙන උපදෙස් තමයි රාජපක්ෂ පවුලට ගහන්නෙ නැතුව ඕන කෙනෙකුට ගහන්න කියල.
දැන් රූපවාහිනියේ හෝ පත්තරයක පළවෙන ප‍්‍රවෘත්ති එකක්වත් රාජපක්ෂලා විවේචනය කරල තියෙනවා ද?’
යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඞී. ලාල්කාන්ත මහතා පැවැසීය.

ඒ මහතා එසේ පැවසුවේ මාතර දී පැවැති උත්සවයක දී ය.

‘ජේ. ආර්. මහත්තයගෙ කාලෙ රට පාලනය කළේ ඊට යටින් හිටිය
ගාමිණී, පේ‍්‍රමදාස වගේ ජ්‍යෙෂ්ඨයෝ. අද අගමැතිකම දීල තියෙන්නෙ නම මොකක් වුණත් මෙලෝ හත්තිලව්වක් කරන්න බැරි මිනිහෙකුට, පවුල් පාලනයේ හැටි එහෙමයි. අද මෛත‍්‍රිපාල සිරිසේන මහත්තය කෑ ගහනවා මාව පන්නන්න හදනවා, මාව මරන්න හදනවා කියලා.

මොකක්ද මේ කියන්නෙ? කවුද මේවා කරන්නේ? එතුමා පරිස්සම් වෙන්න ඕන එ.ජා.පයෙන්වත්, ජ.වි.පෙ.න් වත් නෙමෙයි, රාජපක්ෂ කල්ලියෙන්, ජෙයරාජ්ටත් කල්පනා කළා නම් පරිස්සම් වෙන්න තිබුණා’ යනුවෙන් ද

Posted in:

0 comments for "අගමැතිකම දීල තියෙන්නෙ මෙලෝ හත්තිලව්වක් කරන්න බැරි මිනිහෙකුට"

Leave a reply