තම දියණිය ලිංගිකව අපයෝජනයට ලක්කළ පියා
තම දියණිය ලිංගිකව අපයෝජනයට ලක්කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් 19දා බළන්ගොඩ දිසා විනිසුරු දුමින්ද මුදුන්කොටුව මහතා ලබන 28තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. බළන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ පදිංචි කරුවෙක්වු මොහු ඇප නියෝග නිකුත්කර තිබුණි. දැරිය පදංචිව සිටි ප්‍රදේශයට නොයනලෙසත් නියෝග කර ඇත. එසේ නියෝග කර තිබියදී ඇප කොන්දේසි උල්ලංඝනය කර නිවෙස ආසන්නයට ගොස් රතිඤ්ඤා පත්තුකර නිවැසියන් බියවද්දා තිබේ. පරිවාස නිලධාරී කුමාරි රත්නවීර මිය වෙත දැරියගේ මව පැමිණිලි කර ඇති අතර ඒ අනුව පොලිසියයේ නැවතත් පැමිණිලි කර තිබේ. කැඳවා තිබුන පරිවාස වාර්තාව ඉදිරිපත්කරමින් පසුගිය 12 වැනිදා දිසාවිනිසුරු දුමුන්ද මුදුන්කොටුව මහතා දියණිය ලිංගික අපයෝජනය කළ සැකකාර පියාට 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළේය. 19 වැනිදා නැවතත් විභාග කිරීමෙන් අනතුරුව තවදුරටත් එනම් ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට දිසා විනිසුරුවරයා නියෝග කළේය.
Posted in:
තම දියණිය ලිංගිකව අපයෝජනයට ලක්කළ පියා
0 comments for "තම දියණිය ලිංගිකව අපයෝජනයට ලක්කළ පියා"
Leave a reply