ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ඉඳිකට්ට ඇනී ඇ`ගිල්ලම කැපුවාට පරීක්ෂණ


වම් අතේ දබර ඇ`ගිල්ලේ ඉඳිකට්ටක් ඇනී තුවාල ලැබූ තරුණයෙකුගේ ප‍්‍රතිකාර වලදී ඇ`ගිල්ල කොටසක්ම කපන්නට සිදුවීම වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලක් නිසා සිදුවූ බවට චෝදනා ලැබීම නිසා දැන් ඒ ගැන පරීක්ෂණයක් පැවැත්වෙනවා. මෙම සිදුවීම වාර්තා වන්නේ තංගල්ලේ පුද්ගලික රෝහලකිනි.
නෙටොල්පිටියේ ඉසුරු තරංග නමැති 19 හැවිරිදි තරුණයා ඇ`ගලූම් කම්හලේ සේවයේ නිරතව සිටියදී ඇඳුමක් මසන්නට යාමේදී ඉඳිකට්ටට ඇ`ගිල්ල තුවාලවී තිබෙනවා.
ඔහුගේ ඇ`ගිල්ල පසාරු කරගෙන ගිය ඉඳිකට්ට එහි සිරවී තිබෙන අතර ඔහු ප‍්‍රථමාධාර ලබාගෙන නිවසට ගොස් පසුව පුද්ගලික රෝහලට ගොස් ඇත්තේ ඉඳිකට්ට ඉවත් කරදෙන ලෙස කියමිනි.
එහිදී තංගල්ල පුද්ගලික රෝහලේ වෛද්‍යවරයා ඔහුගේ ඇ`ගිල්ලේ රැුඳුන ඉඳිකට්ටෙන් කොටසක් ඉවත් කර එයින් තවත් කොටසක් ඉවත්
කරන්නට අපහසු මට්ටමක ඇතුළට රැුඳී තිබීම නිසා ඔහුට පවසා ඇත්තේ එය දිගටම තිබුණත් ගැටලූවක් නැති බවත් එය තිබියදී තුවාලයට මැහුම් දමන්නට කැමතිදැයි ලෙසිනි. නමුත් රෝගියා පවසා ඇත්තේ තමාට එම කොටසත් ඉවත් කළ යුතු බවකි.
පුද්ගලික රෝහලේ පහසුකම් අනුව එයට වඩා යමක් කළ නොහැකි නිසා වෛද්‍යවරයා ඔහුට දන්වා ඇත්තේ මාතර රෝහලට ගොස් වැඩිදුර ප‍්‍රතිකාර ගන්නා ලෙසයි.
අනතුරුව මාතර රෝහලට ඔහු ඇතුළත් කළ නමුත් ඒවනවිට ඔහුගේ ඇ`ගිල්ලේ තුවාලයේ ආසාදන මට්ටම අනුව එවැනි ශල්‍යකර්මයක් කළ නොහැකි බව මාතර වෛද්‍යවරු තීරණය කර තිබෙනවා. ඔවුන් කියා ඇත්තේ ඇ`ගිල්ලේ උඩ කොටස කැපිය යුතු බවකි. මේ අනුව තරුණයා අපේක්ෂා නොකළ ආකාරයට සිය දබරඇ`ගිල්ලේ උඩ කොටස මේ සිද්ධිය නිසා ඔහුට අහිමි වුණා.
තවමත් තරුණයා රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර ඔහු පුද්ගලික රෝහලේදී තමන්ට අසාධාරණයක් වූ බවට තංගල්ල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

Posted in:

0 comments for "ඉඳිකට්ට ඇනී ඇ`ගිල්ලම කැපුවාට පරීක්ෂණ"

Leave a reply