අමිල නයනාට වැඳ සමාව ගනි
නයනා කුමාරිට අපහාස කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධව ඇය විසින් මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට කරන ලද පැමිණිල්ලකට අනුව ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන අමිල අබේසේකර විසින් නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතා ඉදිරියේ අදාළ සිද්ධියට කනගාටුව ප්‍රකාශ කර පැමිණිලිකාර නයනා කුමාරිගෙන් වැඳ සමාව ගෙන තිබේ.
අමිල විසින් නයනා කුමාරිගේ නම අමාත්‍යවරයෙකුට සම්බන්ධ කරමින් පවත්වාගෙන යනලද අපහාසාත්මක
ප්‍රකාශයක් සම්බවන්ධව අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට දැනගන්නට ලැබීමෙන් පසුව ඔහු විසින් මේ පිළිබඳ ව නයනා කුමාරිව දැනුම්වත් කොට ඇත.
ඉන් අනතුරුව නයනා කුමාරි මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත අදාළ පැමිණිල්ල ඉදිරිපත් කොට ඇත.
එම පැමිණිල්ල විභාග කිරීමේදී එම සිදුවීම ගොඩින් බේරාගැනීමට උත්සුක වූ අමිල අබේසේකර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ ඉදිරියේ එම සිදුවීම පිලිබඳ කනගාටුව පලකොට නයනා කුමාරිගේ පා යුගම වැඳ සමාව ගෙන ඇත.
Posted in:
අමිල නයනාට වැඳ සමාව ගනි

0 comments for "අමිල නයනාට වැඳ සමාව ගනි"
Leave a reply