සෞදි අරාබිය ස්කයිප් ,වයිබර් තහනම් කිරීමේ අවුලක්
මේ සතිය අවසානයේදී පටන් එම තහනම් ක්‍රියාත්මක කිරීමට සෞදි රජය සුදානම් වන බවට එරට පුවත් සේවා සදහන් කරයි..
මෙම තීරණය සමග ශ්‍රී ලංකික ගෘහ සේවික,සේවිකාවන්ට මෙන්ම මෙරට වෙසෙන ඔවුන්ගේ නෑ හිතමිතුරන්ටද ගැටලුවක් ඇතිවනු ඇත දුරකථන අමතුමකින් සෞදියේ වෙසෙන ගෘහ සේවක සේවිකාවන් සම්බන්ධකර ගන්නවට වඩා අඩු පිරිවැයකින් ස්කයිප් භාවිතයෙන් ඔවුන් හා සමබන්ධවීමට අවස්ථාව ලැබේ..
එහෙයින් සෞදි රජය විසින් ගනු ලැබූ මෙම තීරණය හේතුවෙන්
ශ්‍රී ලංකිකයන්ටද ඍජුවම බලපැමක් ඇතිවනු ඇත ..එසේම මෙම තීරණයට එරට වෙසෙන ජනතාව මෙන්ම සෞදියේ වෙසෙන විදේශිකයන් විරෝධතව පලකර ඇති බව එරට මාධ්‍යා වාර්තා කරයි..
සෞදි රජයේ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ කොමිසමේ සාමාජිකයන හා එරට විදුලි සංදේශ සමාගම් අතර පසුගිය දින 20 ක් තුලදී ඇතිවූ සාකච්චාවල ප්‍රතිපලයක් ලෙසින් රජය මෙම තීරණය ගෙන ඇත ..සාමාන්‍යයෙන් සෞදියට මෙරටින් දුරකථන ඇමතුමක් ලබා ගැනීම සදහා විනාඩියකට රූ 15 කට වැඩ පිරිවැයක් දැරීමට සිදුවනු ඇති අතර ස්කයිප් භාවිත කිරීම මගින් මෙම පිරිවැය බොහෝ සෙයින් අවම කරගැනීමට ශ්‍රී ලංකිකයන්ට හැකිවිය
එසේම සෞදියේ සිට මෙරට ශ්‍රී ලංකිකයෙකු දුරකථන ඇමතුමක් ගැනීමේදී විනාඩියකට රූ 30-50 දක්වා පිරිවයක් දැරීමට සිදුවේ
Posted in:
වයිබර් තහනම් කිරීමේ අවුලක්,
සෞදි අරාබිය ස්කයිප්
0 comments for "සෞදි අරාබිය ස්කයිප් ,වයිබර් තහනම් කිරීමේ අවුලක්"
Leave a reply