මාලිංගට එරෙහි මඩ පෝස්ටරයක් ඇයි රිච්මන්ඞ් දිනනව දැකල නැද්ද.. නිකන් වැඩක් බලන් යනව මනුස්සයෝ යන්න’
විදුහල් දෙකක් අතර ජගතා කවුදැයි සොයන්නට නොව හුදෙක් සහෝදරකම වර්ධනය පිණිස සංවිධානය කරන බිග්මැච් වල අරමුණු වර්තමාන සිසු පරම්පරාව විසින් කාබාසිනියා කර ඇත්දැයි සැක ඇතිකරවන මේ අනපේක්ෂිත සිදුවීම දෙවිදුහල් අතර ආදි ශිෂ්‍යයින් කම්පනය කරවූ සිද්ධියක් බවට පත්වුණා.
බිග් මැච් එකේදී විනෝදයට
කොලූකමට එකිනෙකාට කොලොප්පම් කරගත්තත් ගැටුමක් ඇති කරගෙන පොලිස් කඳුළු ගෑස් වලින් නිමවන ආරවුලක් බවට පත්කරගැනීම අමිහිරි අත්දැකීමකි.
මෙම ගැටුමට පොලිසිය සම්බන්ධවූ ආකාරය ගැන දැන් විවේචන මතුවෙමින් පවතිනවා
අවසන් තරගයේ අවසන් පන්දුව තෙක්ම උණුසුම පැවති මෙම තරගය ජයග‍්‍රහණය කරන්නට රිච්මන්ඞ් කණ්ඩායම බලාපොරොත්තු තබා තිබුණද එය අවසානයේ වැළකී
තරගය ජය පරාජයෙන් තොරව නිමවීමත් සමග පිටිය මැද ගැටුමක් හටගත්තා. සමහරු කිව්වේ අවසන් පන්දුව යැවූ බවය. තවත් සමහරු කිව්වේ එය යැව්වේ නැති බවය. තරගයේ අවසන් පන්දුව යවන්නට ඉඩ නොදී පිටිය මැද අවහිර කරමින් ගුටි බැට එල්ල කිරීම නිසා පොලිසිය පිරිස විසුරුවා හරින්නට කඳුළු ගෑස් එල්ල කළ බව පැවසුණා.
කෙසේ වෙතත් පොලිස් නිල ඇඳුම රහිත පාසලක කැප් තොප්පියක් පැළඳි පොලිස් නිලධාරියෙකුද මේ කඳුළු ගෑස් ප‍්‍රහාරයට සම්බන්ධවීම නිසා මේ ගැන දැන් කතාබහක් ඇතිව තිබෙනවා. පොලිසිය පාසල් සිසුන් සිටි කූඩාරම් දෙසටද කඳුළු ගෑස් එල්ල කිරීම නිසා පැනනැගුණ අපහසුතාවන් ගැනද විවේචන එල්ලවී තිබෙනවා.
සමහරු පවසන්නේ මේ ගැටුම සිසුන්ගේ උවමනාවට නොව බාහිර පාර්ශ්ව නිර්මාණය කළ අනවශ්‍ය ගැටුමක් බවයි.
මේ අතර බිග් මැච් විනෝදය මැද්දේ මහින්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ලසිත් මාලිංගට එරෙහි මඩ පෝස්ටරයක් රිච්මන්ඞ් සිසුන් සිටි කූඩාරමේ ප‍්‍රදර්ශනය වූ බවද වාර්තා වුණා. එහි මහින්ද විද්‍යාලයේ කොඩියක් පසුබිමේ සිටිමින් ලසිත් මාලිංග අසන ආකාරයට සඳහන්ව තිබුනේ ‘ඇයි රිච්මන්ඞ් දිනනව දැකල නැද්ද.. නිකන් වැඩක් බලන් යනව මනුස්සයෝ යන්න’ යනුවෙනි.
Posted in:
මාලිංගට එරෙහි මඩ පෝස්ටරයක්

0 comments for " මාලිංගට එරෙහි මඩ පෝස්ටරයක් ඇයි රිච්මන්ඞ් දිනනව දැකල නැද්ද.. නිකන් වැඩක් බලන් යනව මනුස්සයෝ යන්න’"
Leave a reply