ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

දවසකට 3ක් මැරෙනවා - කැබිනට් මණ්ඩලය නොමග යවා ආසනික් හංගන්නේ ඇයි?


ආසනික් අඩංගු කෘෂි රසායන නිසා ලෙඩ රෝග වැළඳෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කළ වාර්තාවෙන් කරුණු අනාවරණය කර තිබියදීත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා එහි අනතුර ගැන නොසලකා සැකසු වාර්තාවක් සෞඛ්‍ය ඇමතිටවත් නොපෙන්වා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පවසති.

කෘෂි රසායනවල ආසනික අඩංගු වී ඇති ද යන්න සොයා බැලීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට එහි පරීක්ෂණ කටයුතු පවරා එම සංවිධානය පැහැදිළිවම පෙන්වා දී ඇත්තේ ඒවායේ ආසනික් අඩංගු බව යැයි රතන හිමියෝ පෙන්වාදෙති.

ඒ අනුව ආසනික් සම්බන්ධයෙන් සැකසු වාර්තාව සෞඛ්‍ය අමාත්‍යවරයාටවත් නොපෙන්වා කැබිනට් මණ්ඩලයට එසේ ඉදිරිපත් කර සමාගම් ආරක්ෂා කිරීමට
යන්නේ කවර අරමුණකින්ද යන්න උන්වහන්සේ ප්‍රශ්න කරයි.

කැඩ්මියම්, ආසනික්, පළිබෝධ නාශක හා කිවුල් ජලය යන කොටස් 4 ඒවායේ අන්තර්ගත බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.

එහෙත් එවැනි අනතුරක් නැති බව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන බව උන්වහන්සේ කියයි.

අනතුරක් නැති බව අඟවා මේ ආකාරයට සමාගම් ආරක්ෂා කිරීම නොකළ යුතු බවත් ආසනික් නිසා මේවන විට දිනකට 3 දෙනෙකු මිය යන බවද රතන හිමියෝ පවසති.

සෞඛ්‍ය අමාත්‍යවරයා මීට එරෙහිව යහපත් ස්ථාවරයක සිටින නමුත් ඔහුටත් කොපමණ කාලයක් එසේ සිටිය හැකි ද යන්න ගැටලුවක් බව උන්වහන්සේ සැක උපදවයි.

තමන් වහන්සේ දන්නා පරිදි මෙරට සියලූම අමාත්‍යංශවල ලේකම්වරුන් එක් අමාත්‍යවරයෙකු යටතේ පාලනය වන බව පැවසු අතුරලියෝ රතන හිමියෝ මේ නිසා එක් එක් අමාත්‍යංශවල ඇමතිවරයාට වඩා ඉහළින් වැඩ පෙන්වන්නේ ලේකම්වරුන් හා උපදේශකයින් බවද පැවසූහ.

නිදන්ගත වකුගඩු රෝගයට අදාළ ලෝක සෞඛ්‍ය සංවිධාන පර්යේෂණ වාර්තාවේ නිර්දේශ පහත දැක්වෙයි.



01- නිදන්ගත වකුගඩු රෝගයට අදාළ හේතු සාධක සෞඛ්‍ය ක්ෂේත්‍රයට බාහිරව ඇති බැවින් එම ගැටලුවට පිළියම් යොදනු වස් කෘෂිකර්ම ජලසම්පාදන හා සමාජ සේවා අමාත්‍යංශය ඇතුළත් අන්තර් අමාත්‍ය කමිටුවක් පත් කිරීම.

02- නිදන්ගත වකුගඩු රෝගය ව්‍යාප්ත වන ප්‍රදේශවල පරිභෝජනය සඳහා අවශ්‍ය ජලය පිරිපහදු කිරීමට අවශ්‍ය ජල පිරිපහදු ක්‍රමවේදයක් හඳුන්වාදීම.

03- ආනයනය කරන කෘෂි රසායන ද්‍රව්‍යවල ( විශේෂයෙන්ම වකුගඩුවලට අහිතකර කැඩ්මියම් හා ආසනික යන මූලද්‍රව්‍ය අඩංගු) තත්ත්ව පාලනය වැඩිදියුණු කිරීම සඳහා ක්‍රමෝපායන් ශක්තිමත් කිරීම.

කෘෂි රසායන ද්‍රව්‍යවලට නිරාවරණය වීම හේතුවෙන් ගොවි ජනතාවට ඇති අහිතකර බලපෑම් අවම කිරීම සඳහා ප්‍රජා සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගැනීම හා ඒ පිළිබඳ අධීක්ෂණය කිරීම.

.පොහොර නිසිලෙස භාවිතා කිරීමට අවශ්‍ය අධ්‍යාපනය ලබාදීම.

කෘෂි රසායන ද්‍රව්‍ය විකිණීමේදී ආරක්ෂිත ඇඳුම්, ඇත් වැසුම් හා මුඛ ආවරණ අනිවාර්යයෙන්ම ලබාදීම

වකුගඩුවලට අහිතකර යැයි සම්මත කෘෂි රසායන ද්‍රව්‍ය විකිණීම පාලනය කිරීම. උදා ඵ්‍රොපනිල්, ඡොලොප්ය්‍රිෆොස්

ආහාර පිළියෙළ කිරීමේ ක්‍රම පිළිබඳව දැනුවත් කිරීම,

උදා ජල සම්පාදන ඇළ මාර්ගවලින් සැපයෙන ජලය පානයට හා ආහාර පිසීමට යොදා නොගැනීම.

නෙළුම් අල ආහාරයට ගැනීම අවම කිරීම ( විශේෂයෙන්ම නිදන්ගත වකුගඩු ආශ්‍රිත රෝග ඇති පවුල්)

ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම හා දුම්බීමෙන් වැළකීමේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම.

05- නිදන්ගත වකුගඩු රෝග දියවැඩියාව හා අධික රුධිර පීඩනය කල්තියා හඳුනා ගැනීම සුදුසු ප්‍රතිකාර සඳහා පහසුකම් වැඩිදියුණු කිරීම ( වකුගඩුවලට හානිකර ඖෂධවලින් වැළකීම).

06- නිදන් ගත වකුගඩු රෝගයෙන් පීඩිත ගොවි පවුල් සඳහා මූල්‍යමය ආධාර ලබාදීමෙන් එම ජනතාව තවදුරටත් දිළිඳු හා මන්දපෝෂිත තත්ත්වයට පත්වීම වැළැක්වීම, ප්‍රමාණවත් ආහාර මිලදී ගැනීමට නොහැකිවීමෙන් ඔවුන් යකඩ, ෆෝලේට්, අන්ටිඔxඉඩන්ට් අංශුමාත්‍ර ලෝහ ඌණතාවයෙන් පෙළිය හැකි අතර එමගින් බැරලෝහ මගින් වකුගඩුවලට සිදුවිය හැකි අහිතකර බලපෑම් වැඩිවිය හැක.

07- සප්සඳ වැනි ශාකවලින් වකුගඩුවලට බලපෑම් ඇති කළ හැකි බව ආයුර්වේද වෛද්‍යවරුන් දැනුවත් කිරීම හා එය භාවිතයෙන් වැළකීමට නිර්දේශ කිරීම.

08- දිගුකාලීන වැඩපිළිවෙළක් ලෙස විකල්ප පොහොර භාවිතය ප්‍රචලිත කිරීම, පසේ අන්තර්ගත බැරලෝහ අවම කිරීම, පොහොර අවශ්‍යතාවය අවම සහ පළිබෝධනාශයන්ට ප්‍රතිරෝධී සහල් ප්‍රභේද නිෂ්පාදනය කිරීම, පරිසර දූෂණය අවම කිරීම ( වායූ දූෂණය ඇතුළුව) ආදී ක්‍රමවේද අවශ්‍ය පරිදි පාලනය කිරීම සහ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම.

Posted in:

0 comments for "දවසකට 3ක් මැරෙනවා - කැබිනට් මණ්ඩලය නොමග යවා ආසනික් හංගන්නේ ඇයි?"

Leave a reply