මෛත‍්‍රීපාලට මරණීය තර්ජන කරන අය එලි කරයි
දැන් ඔහු කියන්නේ තමන්ට මරණීය තර්ජන කරන අය වෙනත් කිසිවෙකු නොව ඖෂධ ජාවාරම්කරුවන් බවයි.
ප‍්‍රශ්නය - පසුගිය දිනක ඔබ සඳහන් කළා ඔබට මරණීය තර්ජන එල්ල වී තිබෙන බව. මෙම මරණීය තර්ජන එල්ල වන්නේ කුමන පාර්ශ්වයන් තුළින් ද යන ගැටලූව ජනතාව හමුවේ තිබෙනවා. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා නම්,
පිළිතුර - ඉතාම පැහැදිලිව සඳහන් කරනවා නම්, අද වන විට මම සටන් කරන්නේ
ජාවාරම්කාර පිරිසක් සමග. ලෝකයේ තිබෙන ප‍්‍රධාන ජාවාරම තමයි ආයුධ ජාවාරම. දෙවැනියට තිබෙන්නේ ඖෂධ ජාවාරම. එක් පැත්තකින් ඖෂධ ජාවාරම්කාරයන් සමග සටන් කරද්දී අනිත් අතින් බහු ජාතික සමාගම් සමග සටන් කිරීමට සිදුවී තිබෙනවා. මෙම තත්ත්වය තුළ සියලූ දෙනාගේ ආශිර්වාදය සහ සහයෝගය මට අවශ්‍ය වෙනවා. මම මේ නිරත වෙලා ඉන්නේ රටක් පිළිබඳ කාරණයක මිස පෞද්ගලික කාරණයක නොවෙයි.
මේ මාසයේ සිට ඖෂධ මිලදී ගැනීම සඳහා අලූත් ටෙන්ඩර් පටිපාටියක් හඳුන්වා දෙනවා. වංචාව, ¥ෂණය, අක‍්‍රමිකතා වැළැක්වීමට ගෙන ඇති සෑම පියවරකදීම සතුරන් වැඩි වී තිබෙනවා.
මේ පිළිබඳව මම ජනාධිපතිතුමාවත් දැනුවත් කරල තිබෙනවා. එම නිසා මේ පිළිබඳව වැරැුදි අර්ථකථන දීම සුදුසු වන්නේ නෑ. මෙම තත්ත්වය අපි කවුරුත් පැහැදිලිව තේරුම් ගත යුතුයි.
Posted in:
මෛත‍්‍රීපාලට මරණීය තර්ජන කරන අය එලි කරයි
.jpg)
0 comments for "මෛත‍්‍රීපාලට මරණීය තර්ජන කරන අය එලි කරයි"
Leave a reply