ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

දුමින්ද සිල්වා සහ ගජිනි.


පසුගිය වසරේ මුල්ලේරියාවේදී සිදුවුනු භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතන නඩුවේ ප‍්‍රධාන සැකකරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ඊයේ අළුයම ලංකාවට පැමිණ බව වාර්තා වුනා...

මේ වන විට ඔහු නවලෝක රෝහලේ රෝහල්ගතව රිමාන්ඩ් භාරයේ සිටි..

එම හේතුවෙන් නවලෝක රෝහලට විශේෂ ආරක්ෂාවක්ද ලබාදී තිඛෙනවා...
දුමින්ද ලංකාවේ සිටියත් පිටස්තරයින්ගෙන් තාම ඔහුව දැක ඇති බව පැවසෙන්නේ මහේස්ත්‍රාත්වරයා සහ රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකි.

මාධ්‍යයට නීතීඥයින් පෙන්වූයේ කල් ඇතිව මුද්‍රණය කර සූදානම් කරගත් ඡායාරූපයකි.

සමහරු කියන්නේ මෙය ෆොටෝ ෂොප් වැඩක් බවයි. තවත් සමහරු මෙය පසුගිය කාලයේ ජනප්‍රියවූ ගජිනි හින්දි චිත්‍රපටයට උපමා කරනවා.

ගජිනි චිත්‍රපටයත් දුමින්දගේ කතාවත් අතර සම්බන්ධය මොකක්ද?

එහි රගන අමීර් ඛාන්ටත් හිසට පොලූ පහරක් වැදී මට මතක නෑ රෝගය වැළෙඳන අතර ඔහුගේ ඔලූවේ පැලූම් පහරත් දුමින්දගේ එක වාගේමය. දුමින්දගේ පැලී ඇත්තේ
දකුණු පැත්තයි. අමීර්ගේ වම් පැත්තයි.
2008 වසරේ ජනප්‍රිය වූ ගජිනි චිත්‍රපටයේ අමීර් රගපෑවේ සංජේ නම් ව්‍යාපාරික තරුණයාගේ චරිතයයි.

(දුමින්දත් ව්‍යාපාරිකයෙකි) මේ චිත්‍රපටයේ තරුණියන් පිරිසක් මැර කල්ලියකට කොටුවී ගැටුමක් හටගන්නවා. (දුමින්දත් කොලොන්නාවේ ගැටුමක් ඇති කරගත්තා) එහිදී තම පෙම්වතිය බේරා ගැනීමට උත්සාහ කරද්දී සංජේ ගේ හිසට තදබල පොලූ පහරක් එල්ල වෙනවා. මේ සිද්ධියෙන් ඔහුගේ පෙම්වතිය බිහිසුණු ලෙස ඝාතනයට ලක්වන අතර හිසට වැදුණු පහර හේතුවෙන් සංජේගේ හිසේ විශාල පැලූමක් හටගන්නවා(දුමින්දටත් පැල්මක් ඇතිව තිඛෙනවා)

මෙම සිද්ධියෙන් සංජේගේ මතක ශක්තියත් දුර්වල වෙනවා. අමතක වන රෝගය නිසා සංජේ  තුළ මතකය රඳා පවතින්නේ විනාඩි 15 ක පමණ කෙටි කාලයකට පමණය.

තම ජීවිතයේ මීට පෙර සිදුවූ කිසිවක් ඔහුට මතක නැත. යම් කරුණක් මතකයට නංවා ගැනීමට ඔහු තම සිරුරෙහි පච්ච කොටා ගැනීම සහ පොලරොයිඩ් කැමරාවකින් ඡායාරූප ගැනීම සිදු කළ යුතු වුණා.

(දුමින්දටත් දැන් මතක නැහැ)
තම පෙම්වතිය මැරූ අයගෙන් පලිගැනීමට සංජේ දරන උත්සාහය මෙම චිත්‍රපටයේ ඉතිරි කොටසින් කියැවුණා. චිත්‍රා නම් වූ මනෝ වෛද්‍ය ශිෂ්‍යාවක් සංජේට මේ කටයුත්ත සඳහා චිත්‍රපටයේදී උදව්වනවා.

(දුමින්දට මහේෂි නම් වෛද්‍යවරියක උදව්වට සිටිනවා)
පසුගිය කාලයේ ගජිනි චිත්‍රපටය ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් ගණනාවක ජනප්‍රිය වු අතර එය සිංගප්පූරුවේ සහ ඕස්ටේ්‍රලියාවේද ප්‍රදර්ශනය කෙරුණා.

ගජිනි චිත්‍රපටයේ අමීර් ඛාන් සිටින ඡායාරූප කිහිපයක් පහතින්





Posted in:

0 comments for "දුමින්ද සිල්වා සහ ගජිනි."

Leave a reply