ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

සම්මාදමේ ගිය චීවරධාරියා ලක්‍ෂපතියෙක් බව බැංකු ගිණුමෙන් හෙළිවේ


මැල්සිරිපුර නගරයේදී බෞද්ධ භික්ෂුවක ලෙස චීවරය දරමින් වංචනික අන්දමින් මුදල් සම්මාදම් කිරීමෙහි යෙදී සිටි චීවරධාරියකු ප‍්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාර දී ඇතැයි වාර්තා වේ.

පොලීසිය විසින් සැකකරු ඉහළෙදාළොස්පත්තුවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක උඩකැන්දවල පේමරතන නාහිමියන් වෙත ඉදිරිපත් කිරන ලදුව ප‍්‍රශ්න කිරීමෙන් පසු ඔහුගේ සියලූ තොරතුරු හෙලිවී තිබේ.

සැකකරු සතුව රුපියල් හත්ලක්ෂයක් බැර කොට ඇති බැංකු ගිණුමක් ද තිබී ඇති අතර සැකකරුගෙන් ලිඛිත ප‍්‍රකාශයක් සටහන් කරගැනීමෙන් පසු අධිකරණ සංඝනායක හිමියන් විසින් ඔහුගේ කැමැත්ත මත සිවුරු
ඉවත් කොට උපැවැදි කෙට තිබේ.

ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබඳ නඩුවකට වරදකරු වී සිව් අවුරුදු දඬුවමක් විඳ ඇති අයකු බවට චද හෙළි වී ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත.

Posted in:

0 comments for "සම්මාදමේ ගිය චීවරධාරියා ලක්‍ෂපතියෙක් බව බැංකු ගිණුමෙන් හෙළිවේ"

Leave a reply