චංගුමීගෙන් ලංකාවට ඇමතුමක්
සුජාත දියණි නාට්‍යය නිසා ලංකාවේ ප‍්‍රකටවූ කොරියානු නිළි ලියොන් ඒ එරට සිට ලංකාවේ රසිකයින්ට රූපවාහිනිය ඔස්සේ සුබ පැතුම් පණිවිඩයක් එවා තිබෙනවා.සිංහල බසින්ද වචන කිහිපයක් කියන ඇය මෙම පණිවිඩයෙන් ටෙලි රසිකයින්ට ස්තූතිය පුද කර සිටිනවා.
එම පණිවිඩය පහත පරිදිය.
‘ආයුබෝවන් මගෙ නම ලියොන් ඒ බොහොම ස්තූතියි.(සිංහලෙනි*
මට ශ‍්‍රී ලාංකික පේ‍්‍රක්ෂකයින්ගේ ආදරය බොහෝ ලැබුණ බව
ඇසුවා. එයට හේතු වුනේ ලංකාවෙදි මා හැඳින්වූ චංගුමි චරිතය විවිධ අභියෝග අභිබවා දිනන ශක්තිමත් චරිතයක්වීමයි. චංගුමීගේ
චරිතය ස්වයං අධ්‍යයනය හා අත්දැකීම් තුළින් වියපත් බව පෙන්වන්නක්. රූගත කිරීමේදී මතුවූ අපහසුතා ගැන කථා කළොත්...
ඔබට එය සුන්දරව පෙනුණත් අපට කාලගුණයෙන් බොහෝ අපහසු ඇති වුණා.සීතලේ කුසගින්නේ මහන්සිවී වැඩ කිරීමටත් බොහෝ දෙබස් මතකයේ තබාගැනීමටත් සිදුවුණා. අපේ තේජංගම් නාට්‍යය සිංහල බසින් සුජාත දියණි වුණ බව අසන්නට ලැබුණා.
තේජංගම් නාට්‍යයට නොසිතූ තරම් පේ‍්‍රක්ෂක ආදරයක් ලැබීම පිළිබඳව මට ගොඩක් සතුටුයි. මේක ශ‍්‍රී ලංකාවේ ප‍්‍රදර්ශනය කිරීම නිසා අප දෙරට අතර විවිධ ද්වීපාර්ශ්වික සබඳතා ඇතිවීම ඉතා හොඳයි.
තේජංගම් තුළින් අපේ රටේ සංස්කෘතිය මෙලෙස වැළඳගත්තා වගේම අපේ අනෙක් නාට්‍ය චිත‍්‍රපටත් ඔබ වැළඳ ගනීවි.
චංගුමීට මෙතරම් ආදරය කිරීම ගැන මා නැවතත් ස්තූතිවන්ත වනවා.’
Posted in:
චංගුමීගෙන් ලංකාවට ඇමතුමක්
0 comments for "චංගුමීගෙන් ලංකාවට ඇමතුමක් "
Leave a reply