ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ශ‍්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවකට ඉන්දියාවේ දී ප‍්‍රහාරයක්


දිල්ලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය හදාරන ශ‍්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් තමිල්නාඩුවේ තන්ජාවුර් හි බ‍්‍රහදීස්වරම් නොහොත් මහ කෝවිලේ ඊයේ අධ්‍යයන සංචාරයක නිරතව සිටියදී කොටි හිතවාදීන් අතින් ප‍්‍රහාරයකට ලක්වී තිබෙනවා.

කෙසේ නමුත් පත්බේරියේ ඥාණාලෝක නම් මෙම ස්වාමීන් වහන්සේ කණ්ඩායමේ අනෙකුත් ශිෂ්‍යයන් විසින් බේරාගෙන පොලීසියේද සහය ඇතිව නැවතත් ගුවන් මගින් චෙන්නායි ගුවන් තොටුපල වෙත පිටත් කර යැවුණු බවයි ඉන්දිය පුවත්පත් සඳහන් කළේ.
මෙම ස්වාමින් වහන්සේ ඇතුළු අධ්‍යයන කණ්ඩායම චෙන්නායි වෙත ගමන් කළ වෑන් රථයටද තිරුචිරා පල්ලි ප‍්‍රදේශයේදී ගල්මුල් ප‍්‍රහාරයක් එල්ලවූ බව සඳහන්.

46 හැවිරිදි උන්වහන්සේ වසර එකහමාරක ඩිප්ලෝමා පාඨමාලාවක්
සඳහා ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනයේ ඉගෙනුම ලබමින් සිටිති.

මෙම සිද්ධිය පිළිබඳව දකුණු ඉන්දීය ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් කළ විමසීමකදී එහි පළමු ලේකම් ඩිලානි වීරකෝන් ප‍්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 15 දෙනෙකු පමණ තමිල්නාඩු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ප‍්‍රහාරයට ලක්වූ ස්වාමීන් වහන්සේ තමිල්නාඩු පොලීසිය මගින් නිරුපද්‍රිතව චෙන්නායි මහ කොමසාරිස් කාර්යාලය වෙත භාරදී ඇති අතර උන්වහන්සේ මේ වනවිට නවදිල්ලි නුවර වෙත පිටත් කර තිබෙනවා.


Posted in:

0 comments for "ශ‍්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවකට ඉන්දියාවේ දී ප‍්‍රහාරයක්"

Leave a reply