දහම් සිරිසේනගේ මිතුරන්ගේ අධිකරණ වෛද්‍ය වාර්තාව වෙනස් කරලා
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන ඇතුළු මිතුරන් පිරිසක් විසින් බීමතින් පාසිකුඩා වෙරළේදී නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්‌පති රවී වෛද්‍යාලංකාර මහතාගේ පුත්‍රයා වන අසේල වෛද්‍යාලංකාරට පහර දුන් සිද්ධිය දැන් මුළු රටම දන්නා පුවතකි.
දහම් සිරිසේන ඇතුළු ඔහුගේ මිතුරන් මෙම පුද්ගලික චාරිකාව සඳහා පැමිණ තිබුනේ සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් සුපිරි වාහන වලිනි. මෙම පිරිස බීමතින් පාසිකුඩා වෙරළේ සිටි අතර ඒ අවස්ථාවේදී වෙරළේ සිටි අසේල වෛද්‍යාලංකාරගේ බිරිඳ පසුබිම් කොට ඇඳිවත ගලවා නිරුවතින් චායාරූප ගැනීමේදී එය
වැළකීමට ගිය අසේලට, දහම් සිරිසේන සහ ඔහුගේ මිතුරන් විසින් සිහි නැති වන තුරු පහර දී තිබේ.
මේ සම්බන්ධයෙන් ඇමැති පුත්‍රයා සහ ඔහුගේ මිතුරන් 13 දෙනකු අත්අඩංගුවට ගෙන වාලච්චේන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැර තිබේ.
හොඳ හැටි මත්පැන් පානය කොට සිටි මෙම පිරිස බීමතින් නොසිටි බවට අධිකරණ වෛද්‍යවරයා විසින් බලවත් පුද්ගලයෙකුගේ බලපෑම උඩ සාවද්‍ය වාර්තාවක් නිකුත් කොට තිබේ. දෙනෙක් අප හා පැවසුහ.
දහම් සිරිසේන ඇතුළු මිතුරන් මත් පැන් පානය නොකොට සිට බවට අධිකරණ වෛද්‍යවරයා විසින් ව්‍යාජ වාර්තාවක් නිකුත් කිරීම සම්බන්ද යෙන් නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්‌පති රවී වෛද්‍යාලංකාර මහතාගේ පුත්‍රයා වන අසේල වෛද්‍යාලංකාර විමතිය පල කරයි.

0 comments for "දහම් සිරිසේනගේ මිතුරන්ගේ අධිකරණ වෛද්‍ය වාර්තාව වෙනස් කරලා"
Leave a reply