බසයේදී ශිෂ්‍යාවන් තිදෙනකුට අතවර කළ කොන්දොස්‌තර දැලේ
මොහු මාතර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි දෙදරු පියෙකි. ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරි
විජිත රණබාහු කරුණාතිලකගේ මහතා 08දා උදේ කළුතර නාගොඩ තම නිවසේ සිට රාජකාරි ස්ථානයට යමින් සිටියදී ගුරුවරියක් වූ තම බිරිඳ කළුතර නගරයේ පාසලකට ඇරලවා ගොස් ඇත.
නිවුන් සහෝදරියන් දෙදෙනා පාසල් ගොස් සිද්ධිය පංතිභාර ගුරුවරියට දැන්වීමෙන් පසු ගුරුවරිය එම සිද්ධිය දුරකථනය මගින් සිය සැමියා වන ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරි විජිත
කරුණාකලගේ මහතාට දන්වා ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ සහකාර පොලිස් අධිකාරිවරයා බස් රථය නතර කර කොන්දොස්‌තර අත්අඩංගුවට ගෙන තිබේ.
සහකාර පොලිස් අධිකාරිවරයා ගාලු පාර ඔස්සේ ගමන් කරමින් සිටියදී තම බිරිඳ දුරකථනයෙන් කථා කර තම පාසලේ සිසුවියන් දෙදෙනෙකුට බස් රථයේ කොන්දොස්තරවරයා ලිංගික අතවර කළ බව පැවසීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ සහකාර පොලිස් අධිකාරිවරයා අළුත්ගම පොලිසියට කතා කර බස් රථය නතර කර ඇත.
ඉන්පසු කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන ඇත. එම අවස්ථාවේ බස් රථයේ සිටි තවත් පියෙක් පොලිසියට පවසා ඇත්තේ මොහු තම 7 හැවිරිදි දියණියටද බස් රථයේ දී අද ලිංගික අතවර කළ බවත් සහ සිසුවියන්ගේ ළැම පෙදෙස අනවශ්‍ය ලෙස ස්පර්ශ කල බවයි..
තවද ඔහු වරින් වර මේ ළමයිනට අතවර කර ඇති බව හෙළිවී තිබේ..එම පියාගෙන් සහ දැරියගෙන් ද කටඋත්තර ලබා ගෙන ඇත. අළුත්ගම පෙලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

0 comments for "බසයේදී ශිෂ්‍යාවන් තිදෙනකුට අතවර කළ කොන්දොස්‌තර දැලේ"
Leave a reply